ශ්‍රී ලංකාවට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති සිවුවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ ඕවර 19ක් ඉතිරි කරගෙන කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගමාලාවද 3 – 1කින් ජය ගත්තේය. ශ්‍රී ලංකාව ලකුණු 212කට දැවී ගිය අතර ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 217ක් රැස් කළේය.
ජෝජ් බේලි හතරේ පහර 11ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 85කින් ලකුණු 90ක් ලබා ගත්තේය. ලකුණු 45කට කඩුලු 6ක් ලබා ගත් ජෝන් හැස්ටින්ග්ස් ‘තරගයේ වීරයා’ විය.




