එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා විශේෂ නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය. ලේකම්වරයා දිවයිනට පැමිණෙන ප්‍රථම වතාව මෙය වන අතර ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව ඒ මහතා පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලේකම්වරයා මෙම සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සහ රජයේ නිලධාරීන් රැසක්ද හමුවීමට නියමිතය. අනතුරුව හෙට (01) ගාල්ලේ පැවැත්වෙන තරුණ සමුළුවකටද සහභාගි වීමට අපේක්ෂිතය.




