දහතුන් හැවිරිදි පාසල් දැරියක් නිරුවත් කර වරින් වර අපයෝජනයට ලක්කර එම දර්ශන වීඩියෝගත කර තම ජංගම දුරකතනවලට දමා නරඹමින් සිටි බාලවයස්කාර ළමයින් පස්දෙනකු සැකපිට හැටන් පොලිසිය මඟින් පෙරේදා (28දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් - දික්ඔය දරවල වත්තේ පදිංචි මෙම දැරිය මාස ගණනාවක් තිස්සේ වරින් වර ළමයින් පස්දෙනා විසින් අපයෝජනය කර ඇති බවත් එම අවස්ථා සියල්ලම ඔවුන් වීඩියෝ ගත කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.




