තිදෙනෙක් එක්වී දෙදරු මවක් කෙළසලා

මියගිය හමුදා සෙබළෙකුගේ බිරිඳවූ තිස් හැවිරිදි දෙදරු මවක් හමුදා සෙබළෙකු හා ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකු විසින් සමූහ දූෂණය කිරීම පිළිබඳව අරණායක ‍පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

දෙබත්ගම, කුමාරපුර පදිංචි දෙදරු මවක වූ මෙම කාන්තාව සැමියා මියයාමෙන් පසු සිය දෙමාපියන්ගේ නිවස අසල නිවසක් ඉදි කරගෙන දරු දෙදෙනා ද සමග එහි පදිංචිව සිට අත. ඇය පවු‍ලේ ගමන් බිමන් සඳහා නිතර දෙවේ‍ලේ යොදා ගත් දෙබත්ගම නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව ද පැවසේ.

මහින්ද මැ‍ලේසියාවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මැ‍ලේසියාවට යාමට නියමිතව ඇත. මේ හේතුවෙන් සැප්තැම්බර් මස 04 වැනිදා කුරුණෑගල පැවැත්වෙන සම්මේලනයට ඒ මහතා සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒ මහින්ද රාජපක්ෂ මහතාට සැප්තැම්බර් මස 01දා සිට 04දා දක්වා පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සංවත්සරයේ ආරම්භක උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීමට ලැබුණු ආරාධනාවකට අනුවයි.

දරු ප්‍රසූතියේදී සැමියා වින්නඹුකම් කොට බිරිය මැරිලා !

සිය බිරියගේ දරු ප්‍රසූතියේදී සැමියා විසින් දරුවාගේ පෙකෙණිවැල කතුරකින් කැපීමෙන් දින අටකට පසු බිරිය මියයෑමේ පුවතක් කල්පිටිය පූලච්චේන ගමෙන් වාර්තා වේ. පසුගිය 27 දින මෙසේ මිය ගොස් ඇත්තේ අබ්දුල් වාහීද් සිත්ති රවුලා නම් 36 හැවිරිදි සිවු දරු මවකි.

එම කාන්තාව පිරිමි දරුවකු ප්‍රසූත කොට ඇති අතර දරුවාගේ පෙකෙණිවැල පියා විසින් කතුරකින් කපා ඇතැයි පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී. ගුණරත්න මහතා පවසයි.

කපුවා දියණියන් දෙදෙනාම දූෂණය කරලා

ලග්ගල ප්‍රදේශයේ ජීවත්වූ වයෝවෘද්ධ පුද්ගලයකුගේ මානසික රෝගයක් සුවකිරීමට එම නිවෙසේ ජීවත් වූ අවුරුදු 22ක හා 20ක දියණියන් දෙදෙනා දූෂණය කළ බව කියන වයස අවුරුදු 55ක කපුවකු අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සිය පියාට ඇතිවී ඇති රෝගී තත්ත්වය සුව කිරීම සඳහා දියණියන් දෙදෙනා සමඟ ලිංගික ඇසුරක් පැවැත්විය යුතු යැයි කැකිරාව ප්‍රදේශයේ පදිංචි කපුවකු යෝජනා කර තිබේ. 

ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළු වූ හැකරා හඳුනාගනී

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා කවුරුන්ද යන්න රහස් පොලිසිය විසින් හඳුනාගනු ලැබ තිබේ. එයට වගකිවයුතු සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා ඉල්ලීම් සහ කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වන්න යැයි ජනාධිපතිවරයාට අනතුරු හැඟවීමක්ද කර තිබිණි.ජනාධිපති මාධ්‍ය අංශය රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවද එම මාධ්‍ය අංශය ප්‍රකාශ කොට තිබිණි.