හිමිනමකගේ කැත වීඩියෝවක් ගහලා

ගල්නෑව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මත් කොට අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකට පොලඹවා එම දර්ශන වීඩියෝගත කර කප්පම් වශයෙන් දස ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබාගත් බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාසයකට පමණ පෙර හිමිනම පදිංචි විහාරස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනා හිමිනම මත්කොට අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකට පොලඹවා එය තවත් අයකුට වීඩියෝගත කිරීමට අවස්ථාව සලසා දී ඇත. පසුව එම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බව පවසා ප්‍රථමයෙන් හිමිනමගෙන් ඔවුන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබා ගෙන තිබේ. ඉන් අනතුරුව තවත් දෙවතාවකදී රුපියල් නව ලක්ෂයක් හිමි නමගෙන් ලබාගෙන ඇත.

ලාංකිකයින් 5ක් එංගලන්තයේ දී මරුට

එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශී‍්‍ර ලාංකික තරුණයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

එම වෙරළ තීරයේ රැඳී සිටි පුද්ගලයින් බොහෝමයක් අදාළ තරුණයින් 05දෙනාම දියෙහි ගිලෙණු දැක ඇති බව එංගලන්තයේ ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වනවිට මියගිය 05 දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අනෙක් දෙදෙනාගේ සිරුරු සෙවීම සදහා හෙලිකොප්ටර් යානා සහ කිමිදුම් කණ්ඩායම් මඟින් මෙහෙයුමක් දියත් කොට තිබේ.

ඩිල්ෂාන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයෙන් සහ 20 - 20 ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.ඩිල්ෂාන් ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම දඟ පන්දු යවන්නෙකු ලෙසත් අති ශූර කඩුලු රැකින්නෙකු ලෙසත් සැලකේ.

අර්තාපල් ඉහළට

දේශීයව නිශ්පාදිත අර්තාපල් සඳහා ස්තිර මිලක් ලබාදීමේ අරමුණින් අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බදු මුදල රුපියල් 35 සිට 40 දක්වා වැඩිවනු ඇති. දේශිය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් මෙසේ ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති බදු මුදල වැඩි කළ බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

උඩින් ගිය අැමතිවරු එළවළු කොටුවක - Photos

අද (25) පෙරවරුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය - සීතාඑළිය කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙලෙස ගමන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතායි.