ඩිල්ෂාන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයෙන් සහ 20 - 20 ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.ඩිල්ෂාන් ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම දඟ පන්දු යවන්නෙකු ලෙසත් අති ශූර කඩුලු රැකින්නෙකු ලෙසත් සැලකේ.

අර්තාපල් ඉහළට

දේශීයව නිශ්පාදිත අර්තාපල් සඳහා ස්තිර මිලක් ලබාදීමේ අරමුණින් අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බදු මුදල රුපියල් 35 සිට 40 දක්වා වැඩිවනු ඇති. දේශිය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් මෙසේ ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති බදු මුදල වැඩි කළ බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

උඩින් ගිය අැමතිවරු එළවළු කොටුවක - Photos

අද (25) පෙරවරුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය - සීතාඑළිය කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙලෙස ගමන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතායි.

අල හොද්දක් උසාවියට

තම බිරිය වස සහිත කුඩු විශේෂයක් තම ආහාර වේලට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත ආහාර පාර්සලය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙස නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එම වාර්තාව සමඟ මෙම නඩුව ඔක්තෝබර් මස 11 දා නැවත කැඳවීමට නියම කළේය.

ඕස්ටේ‍්‍රලියානු නායකයා ලංකාවෙන් යයි

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 82 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. මෙම ජයග‍්‍රහණය වාර්තා පොත් අතරට එක් වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජය ගත් එක්දින තරගය ලෙසයි.