කොටි හිටපු ලොක්‌කාට කැනඩාවේ පුරවැසිභාවය

ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කොටි ආයුධ ජාලයේ නියෝජ්‍ය නායකයා වූ රවිශංකර් කනගරාජාට කැනඩාවේ පුරවැසිභාවය ලබාදී ඇතැයි කැනඩා රජය පිළිගෙන ඇත.

කැනඩා සී. ටී. වී. රූපවාහිනී සේවය (22 දා) මෙය සනාථ කළේය.මොහු කේ. රවිශංක නමින් නම වෙනස්‌ කර ඇත.තම සොහොයුරු රවිශංකර් තම නිවසේ ජීවත්වන බව ඔහුගේ සොහොයුරියද හෙළිකර තිබේ. රවිශංකර් කනගරාජාට වවුනියා මහාධිකරණය වසර 30 ක සිරදඬුවමක්‌ නියම කර තිබුණි.

රාජ්‍ය ආයතන 113ක්‌ බත්තරමුල්ලට

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 113 ක්‌ පියවරෙන් පියවර බත්තරමුල්ල පෙදෙසේ ස්‌ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊළඟ වසර තුළ රටේ එකම පරිපාලන නගරය බවට පත්වන්නේ බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කලාපය බවත් මහ නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික මහතා ප්‍රකාශ කළේය.

තවද කොළඹ තවදුරටත් ශ්‍රී ලංකාවේ අගනගරය හැටියට තබාගෙන දෙවැනි අගනගර තුනක්‌ ඒ වටා ඉදිකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ලයිසන් එකට බර හදා ගන්න යකඩ බෝල ඉනේ ගහගෙන ඇවිත්

රියෑදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කළ තරුණයකු තම වෛද්‍ය සහතිකය ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාතර දිස්‌ත්‍රික්‌ කාර්යාලයට පැමිණ වෛද්‍ය පරීක්‌ෂණයට පෙනී සිටි අවස්‌ථාවේ ඔහුගේ සැකකටයුතු හැසිරීම පිළිබඳව විමසිලිමත්වූ කාර්ය මණ්‌ඩලය හා වෛද්‍යවරයා ඔහුගේ ඉනේ හා ඇඳුම්වල සඟවා තිබූ කිලෝ පහක යකඩ බෝල පැකට්‌ හා රුපියල් 10 කාසි 1000 ක්‌ සොයාගෙන ඇත.

දැරියට ත්‍රිරෝද රථය තුළදීම අතවර කරලා

රාත්‍රි කාලයේ නිවෙසේ සිටි පහළොස් හැවිරිදි (15) බාලවයස්කාර දැරියක් ඇගේ මවුපියන්ට හොරෙන් ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් ත්‍රිරෝද රථය තුළදීම දූෂණය කළ බව කියන සැකකාර තරුණයකු කොහුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 19 හැවිරිදි තරුණයෙකි.

ශලනි ජපානයේදී අසනිප වෙලා

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ශලනි මෙසේ අසනීප වූ බව සඳහන් වේ. 

මෙම ප්‍රසංගය සඳහා ශලනි සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙනුවන් සේනාධීර, ධනංජි තාරුකා, ධම්මික අලුත්ගෙදර සහ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගමද මෙම ජපානයේ පැවති 'යුකී ස්ටාර්' ප්‍රසංගයට සහභාගී විය.