දැරියට ත්‍රිරෝද රථය තුළදීම අතවර කරලා

රාත්‍රි කාලයේ නිවෙසේ සිටි පහළොස් හැවිරිදි (15) බාලවයස්කාර දැරියක් ඇගේ මවුපියන්ට හොරෙන් ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් ත්‍රිරෝද රථය තුළදීම දූෂණය කළ බව කියන සැකකාර තරුණයකු කොහුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 19 හැවිරිදි තරුණයෙකි.


නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන දැරියට එදින රාත්‍රි 7.30ට කිසියම් පුද්ගලයකු දුරකතන ඇමැතුමක් ලබා දෙමින් ඇය නොදන්නා වෙනත් තරුණියකගේ නමක් එම පුද්ගලයා ඇයගෙන් විමසා ඇති බවත් එවැනි තරුණියක පිළිබඳ තමා නොදන්නා බව එම දැරිය එම පුද්ගලයාට පැවැසීමෙන් පසුව එහෙනම් ඔයාට බැරිද මාව හමුවන්න එන්න යැයි එම පුද්ගලයා පැවැසීමෙන් පසුව දැරිය එම ඉල්ලීමට එකඟතාව දක්වා ඇති බවත් පොලිසිය පවසයි. කිසිදා දැක නොතිබූ එම පුද්ගලයාගේ ඉල්ලීමට අවනතවූ දැරිය 'මම කඩේ ළඟට ගිහින් එන්නම්' යැයි පවසා මවුපියන් මුළාකර රාත්‍රි 7.40ට පමණ කළුබෝවිල ප්‍රදේශයේ කිසියම් ස්ථානයක් වෙත ගොස් එකී පුද්ගලයා හමුවී ඇත. ත්‍රිරෝද රථය තුළදීම දැරියව බරපතළ ලෙස දූෂණයට ලක්කර ඇති බවද පසුව පෙරේදා (22) පෙරවරුවේ ඔහු එම දැරිය ඇගේ නිවෙස අසලට ගෙනත් දමා ඇති බවද පොලිසිය පවසයි.


සැකකාර පුද්ගලයා ඊයේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 26 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. දැරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.