මාතර දිස්ත්‍රික්කය ලක්ෂ්මන් යාපාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ.

ඒ, අද මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.

බෝල්ට් සමග යහන්ගතවූ බව කියන බ‍්‍රසිලියානු සිසුවිය

මෙවර ඔලිම්පික් උළෙලේ කෙටි දුර ඉසව් වීරයා බවට පත්වූ ජැමෙයිකානු ජාතික හුසේන් බෝල්ට් සම්බන්ධයෙන් බ‍්‍රසීල වෙබ් අඩවි කිහිපයක් පතුරා තිබෙන ආරංචියක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

හුසේන් බෝල්ට් ඔහුගේ 30 වන උපන්දිනය ඊයේ (21) බ‍්‍රසීලයේ සිට සැමරීමෙන් අනතුරුව තමා සමග ඔහු යහන් ගතවූ බව කියමින් ජෙඞී ඩුවාර්ටි නමැති බ‍්‍රසීලියානු ජාතික 20 හැවිරිදි පාසල් සිසුවියක අන්තර්ජාලය වෙත ඡායාරූප කිහිපයක් මුදාහැර ඇත.

බන්දුලගේ තැනට ගාමිණී පත්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ගාමිණි තිලකසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය අද(22) ලබාගත් බවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඊයේ(21) ඉල්ලා අස්වුණි.

අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?

ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.

නාමල් සහ නිත්‍යා ඇප මත නිදහස්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ,නිත්‍යා සේනානි ඇතුළු තිදෙනා ඇප මත නිදහස් කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා අද (22)කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රු.ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රු.ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියෝග කළා.