පළමු එක්දින තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට

ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර අද ආර්.පේ‍්‍රමදාස පිටියේ පැවති පළමු එක්දින තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත්තා.

ශ‍්‍රී ලංකාව ලබාගත් ලකුණු 227 ඕස්ටේ‍්‍රලියාව 46 වන ඕවරයේදී පහසුවෙන් පසුකර මෙම ජය හිමි වුණා. ශ‍්‍රී ලංකා ඉනිමේදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 80 ක් ලබාගැනීම කැපී පෙනිණි.

ලොකු ලූණු බද්ද ඉහළට

ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති බද්ද වැඩි කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 25 ක බද්ද මේ අනුව රුපියල් 40 ක් දක්වා වැඩි වෙනු ඇති.නව බද්ද රුපියල් 15 ක් වනවා.

යෝශිතට එරෙහි FCID චෝදනා ගොන්න මෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මේවන විට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මුදල් අවභාවිතා කළ බවට වන සිද්ධි 08ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබයි.

මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ලිපිගොනු අංක FCID 17/15 යටතේ මේ පරීක්ෂණ සිදුකරනු ලබයි.

එසේ යෝෂිත සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ පහත කරුණු සම්බන්ධයෙනි.

බන්දුලත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වෙයි

තමන් හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් හෝමාගම පිටිපන හරිත විශ්වවිද්‍යාලය හෙවත් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල ඉවත් කිරීමට යන්නේයැයි තමන්ට ආරංචි ලැබී ඇති බවත් එයට විරෝධය දක්වමින් තමන් මෙසේ සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (21) රාත්‍රී ජනපතිට බාර දෙන බවත් ඔහු පවසයි.

5 ශිෂ්‍යත්ව විභාගය අද

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 2959 කදී අද (21 වැනිදා) පැවැත්වේ.

සිසු සිසුවියෝ 350701 දෙනෙක්‌ මේ සඳහා පෙනී සිටිති. ඒ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 421 ක්‌ වෙති. විභාගය සඳහා 28000 ක පමණ කාර්ය මණ්‌ඩලයක්‌ යෙද වේ.

විභාගයේ විවේක කාලයේදී හෝ වෙනත් අවස්‌ථාවක දී දෙමවුපියන්ට විභාග මධ්‍යස්‌ථානවලට ඇතුළුවීම සපුරා තහනම් බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා ට පැවසීය.