බන්දුලගේ තැනට ගාමිණී පත්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ගාමිණි තිලකසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය අද(22) ලබාගත් බවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඊයේ(21) ඉල්ලා අස්වුණි.

අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?

ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.

නාමල් සහ නිත්‍යා ඇප මත නිදහස්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ,නිත්‍යා සේනානි ඇතුළු තිදෙනා ඇප මත නිදහස් කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා අද (22)කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රු.ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රු.ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියෝග කළා.

අද මෛත්‍රීට කඩේ යනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයා‍ලේ යන්න දෙන්න බැහැ. අප පක්ෂ නායකත්වයට අවනත වෙන්න ඕන. මා එදා මහින්දට කඩේ ගියා. අද එදා වගේම මෛත්‍රීපාල මැතිතුමා වෙනුවෙන් කඩේ යනවා. ආසන සංවිධායක ධුර අහිමිවූ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා නැහැ. ඒ අයට පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තොණ්ඩමාන් දිඹුල පොලිසියට පැන යකා නටලා

හැටන් කොටගල නගරයේ ප්‍රධාන හින්දු කෝවිලක ප්‍රධාන පූජකවරයකුට එරෙහිව දිඹුල පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණෙන ලෙස දිඹුල පොලිසිය මඟින් එම පූජකවරයාට අවස්ථා දෙකකදී දැනුම් දීම සම්බන්ධයෙන් උරණ වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමාන් මහතා එම පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හා ආධාරකරුවන් කිහිපදෙනකු සමඟ පෙරේදා (20දා) පස්වරුවේ දිඹුල පොලිසියට ගොස් එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කර තිබේ.