අසීරුවට පත් වූ හැම විටම ඩලස් පක්ෂය හැර ගියා

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙරත් පක්ෂය අසීරු අවස්ථාවකට මුහුණ දුන් විටදි ඔහු පක්ෂය අතහැර ගිය බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති චන්දිම විරක්කොඩි මහතා පවසීය. ඒ මහතා

මේ බව සඳහන් කෙළේ ඊයේ (19) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

පාද යාත‍්‍රාව සහ ‘මගේ නැටුම’ - නාමල් හිරේ සිට ලියයි

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිරගෙදර සිට පුවත් පත් තීරු ලිපියක් ලියා තිබේ.

පාද යාත‍්‍රාව හා මගේ නැටුම යන මැයෙන් ‘අද’ පුවත්පතට ලියා ඇති එම සම්පූර්ණ ලිපිය මෙසේය.

නාමල්ට කෙල්ලො සැපයූ “චම්පි” ගැන පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ගුවන් සේවිකාවක් වූ නිත්‍යා සේනානි සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන දෙදෙනා හඳුන්වාදුන් බව කියන චම්පික කරුණාරත්න නැමැත්තා සොයා මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භකර ඇති බව වාර්තා වේ.

FCID 82/15 යන මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ලිපිගොනුව යටතේ මොහු සම්බන්ධ පරීක්ෂණ ආරම්භකර ඇත.

ඩලස් ඉල්ලා අස්වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19) ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

උසේන් බෝල්ට් මීටර 200 ත් ජය ගනී Video

රියෝ ඔලිම්පික් උලෙළේ මීටර 200 ඉසව්වේද රන් පදක්කම තමන් සතුකරගැනීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අද (19දා) සමත්විය.

තත්. 19.78ක දක්‍ෂතාවක් දක්වමින් බෝල්ට් සිය පදක්කමට හිමිකම් කීවේය. කෙසේ නමුත් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන බෝල්ට්ට නැවත වරක් එම දක්‍ෂතාව අලුත්කිරීමට මෙම තරගයේදී අවස්ථාවක් හිමි නොවුණි. බෝල්ට් 2009 වසරේ ජර්මනියේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්. 19.19කින් සිය ඉසව්ව අවසන් කර මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.