උසේන් බෝල්ට් මීටර 200 ත් ජය ගනී Video

රියෝ ඔලිම්පික් උලෙළේ මීටර 200 ඉසව්වේද රන් පදක්කම තමන් සතුකරගැනීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අද (19දා) සමත්විය.

තත්. 19.78ක දක්‍ෂතාවක් දක්වමින් බෝල්ට් සිය පදක්කමට හිමිකම් කීවේය. කෙසේ නමුත් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන බෝල්ට්ට නැවත වරක් එම දක්‍ෂතාව අලුත්කිරීමට මෙම තරගයේදී අවස්ථාවක් හිමි නොවුණි. බෝල්ට් 2009 වසරේ ජර්මනියේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්. 19.19කින් සිය ඉසව්ව අවසන් කර මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

රියෝ උලෙළේ මීටර 200 රිදී පදක්කමක තත්. 20.02කින් අවසන් කළ කැනඩාවේ අන්ඩ්‍රි ඩි ග්‍රාස් දිනාගත් අතර, ලෝකඩ පදක්කම ප්‍රංශයේ ක්‍රිස්ටෝප ලෙමෙයිත්‍රි විසින් දිනාගත්තේය. ඔහු තරගය අවසන්කිරීම සඳහා තත්. 20.12ක දක්‍ෂතාවක් දැක්වීය.

මෙම ක්‍රීඩා උලෙළේ මීටර 100 ඉසව්වේද රන් පදක්කම දිනාගැනීමට බෝල්ට් සමත්විය.