තේ සල්ලි ගත්තොත් මං ඇමැතිකමින් යනවා

සිලෝන් ටී වෙළෙඳ නාමය ලෝකය පුරා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතුව තිබෙන රුපියල් මිලියන 60ක මුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට කටයුතු කරන බවත් තමා එසේ පවරා ගතහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මිහිදුම්වැලි වැවිලි සමාගම මගින් ස්ථාපනය කරන ලද මිහිදුම්වැලි තේ සැකසුම් මධ්‍යස්ථානය ඊයේ (18) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම ඩොලර් මිලියන 60 මුදල තේ අපනයනය කිරීමේදී අය කරන ලද සෙස් බදු මුදල් බවයි. 

විදේශගත සැමියා එද්දී බිරිද අතුරුදන් !

සිය සැමියා විදෙස්‌ගත රැකියාවට ගොස්‌ හරි හම්බකරගත් සියලු වස්‌තුව මදිවාට අහළ පහළ හිතවතුන් ඇපයට තබා බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයකින් ලක්‍ෂ ගණනක ණය ලබාගෙන අතුරුදන් වී සිටින කාන්තාවක පිළිබඳව හෙම්මාතගම අලුදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැනගන්නට ඇති අන්දමට එම සිද්ධිය මෙසේය. අලුදෙණිය ප්‍රදේශයේ අයෙකු විසින් සියඹලාණ්‌ඩුව මුතුකණ්‌ඩිය ප්‍රදේශයේ සිට කරකාර බැඳගෙන ආ තැනැත්තියක බව කියන මෙම කාන්තාව එක්‌දරු මවක බවට පත්වීමෙන් පසු පවුලේ අනාගතය සැපවත් කර ගැනීම අරමුණු කරගෙන සැමියා විදේශ රැකියාවකට ගොස්‌ ඇත.

එක්‌දින සංචිතයට නම් කරයි - නවකයන් සමග ඩිල්ෂානුත් ඇතුළට

ඔස්‌ටේ්‍රලියාව සමග තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා තෝරාගන්නා ශ්‍රී ලංකා සංයුති තෙවරක්‌ නම් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඇතමුන්ගේ හිතවත්කම් උඩ නම් කරන ලද ක්‍රීඩකයන් ඉවත් කිරීමට විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම නම් කිරීම අවස්‌ථා කිහිපයකදී සිදුකිරීමට සිදුවූ බව වැඩිදුරටත් වාර්තා වේ.

මහින්දගෙන් නිවේදනයක් - පක්ෂය දෙකඩයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘බල කණු’ ආසන සංවිධායක පදවිවලින් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකඩ කිරීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ‘මේ දඩයම නිසා’ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇති බවයි.

ආසන සංවිධායකයන් ඉවත් කරනු ලැබීම හිටපු ජනාධිපතිවරයා හඳුන්වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර ලෙසයි.

ලංකාවේ හිටියොත් ශ්‍රීලනිප සමුළුවට එනවා

ශ්‍රී ලංකාවේ සිටියහොත් තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා පත්‍රය භාරදීමට ගිය අවස්‌ථාවේ ඔහු තමාට පැවැසුවේයෑයි කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා  ඊයේ (17 වැනිදා) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතාමත් සුහද අයුරින් යුතුව එම ප්‍රකාශය කළ බවද ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.