ලංකාවේ හිටියොත් ශ්‍රීලනිප සමුළුවට එනවා

ශ්‍රී ලංකාවේ සිටියහොත් තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා පත්‍රය භාරදීමට ගිය අවස්‌ථාවේ ඔහු තමාට පැවැසුවේයෑයි කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා  ඊයේ (17 වැනිදා) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතාමත් සුහද අයුරින් යුතුව එම ප්‍රකාශය කළ බවද ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.