බන්දුගේ පුතාත් කරළියට



ප‍්‍රකට චිත‍්‍රපට විකට නළු බන්දු සමරසිංහ ලබන 27 වනදා පවත්වන්නට නියමිත බන්දු සමරසිංහ ලයිව් ඉන් කොන්සර්ට් වැඩසටහනේදී ප‍්‍රථම වරට ඔහුගේ පුත් කාංචන වේදිකාව මත රැඟුම් දක්වමින් කරළියට
පැමිණෙන්නට නියමිත බව වාර්තාවේ. 

ලිංගේන්ද්‍රිය දිගු වීම නිසා ඔලිම්පික් පදක්කමක් අහිමිවූ හැටි

තමන්ගේ ලිංගේන්ද්‍රිය නිසා ඔලිම්පික් බලාපොරොත්තුව සුන්වූ ක්‍රීඩකයෙක් පිළිබඳව කතාබහක් රියෝ ඔලිම්පික් ගම්මානයෙන් ඇසෙනවා.

මේ ක්‍රීඩකයා ජපන් ජාතික Hiroki Ogita ලෙසයි වාර්තා වන්නේ.රිටි පැනීමේ තෝරාගැනීමේ තරගයක දී ඔහු මෙම සිදුවීමට මුහුණදෙනු ලැබුවා.

පිත්ත කඩුල්ලේ වැදුණු පසු ධනංජය කළ දේ

ධනංජයගේ පිත්ත වැරදීමකින් කඩුල්ලේ වැදීමෙන් පසුව ඔහු විසින් ඉක්මනින් නැවතත් එය සැකසූ අයුරු ඊයේ තරඟය අතරතුර දැකගන්නට ලැබුනා.


එම වීඩියෝව පහතින්.

ජල ගාස්‌තු නැංවීමට අනුමැතිය ඉල්ලයි

ජල ගාස්‌තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ඉල්ලා යෝජනාවක්‌ ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැතිවරයා විසින් මේ යෝජනාව ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එයට මේ වන තෙක්‌ අනුමැතිය හිමිව නැත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ජල ගාස්‌තු ඉහළ දැමීම සඳහා වන යෝජනාව අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව මෙසේ කැබිනට්‌ අනුමැතියටද යොමුකර ඇත.

මහින්ද නාමල් බලන්න වැලිකඩට

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දහවල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.හිටපු ජනාධිපතිවරයා ඊයේ (16) දහවල් 12ට පමණ බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර එහිදී බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ කාර්යාලයේදී හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත.

මෙම අවස්ථාවේදී විශේෂ බන්ධනාගාර ආරක්ෂක නිලධාරියකු සමග නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පැයකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයා සමග කතාබහ කිරීමට අවස්ථාව හිමි වී තිබේ.