පෙල්ප්ස් අන්තිමේදී පරදියි

ක‍්‍රීඩාලෝලීන් විමතියට පත්කරමින් රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අද පැවති පිහිනුම් අවසන් තරගයකදී අමෙරිකානු ක‍්‍රීඩක මයිකල් පෙල්ප්ස් පරාජයට පත්වුණා. ඒ, මීටර් 100 සමනලආර ඉසව්වේදීයි.

සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් තත්ත්පර 50යි දශම 3යි 9ක කාලයකින් තරගය නිම කරමින් මෙහි රන් පදක්කම දිනාගත්තා. මෙය නව ඔලිම්පික් වාර්තාවක් ද වනවා. තත්ත්පර 49යි දශම 8යි 2ක් වන මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවදුරටත් හිමිව තිබෙන්නේ අමෙරිකානු ක‍්‍රීඩක මයිකල් පෙල්ප්ස්ටයි. කෙසේ වෙතත් අද ඔහුගේ තරග නිමි කාලය ඊට වඩා තත්ත්පර 2ක් පමණ පසුපසින් පැවතියා. ඒ, තත්ත්පර 51යි දශම 1යි 4ක් ලෙසයි.

නටාෂා FB දැම්ම අලුත්ම සෙල්ෆිය (PHOTOS)

කුඩා කාලයේ සිටම රසික අවධානයට ලක් වුණු නටාෂා පෙරේරා සැමදා කතාබහට ලක් වුණේ විශේෂයෙන්ම ඇගේ රූ සපුව නිසා.එමෙන්ම ඇගේ විවාහය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආන්දෝලනයකට තුඩු දුන් විවාහයක් කිවහොත් එය වැරදි වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් විවාහයෙන් පස්සෙ නටාෂාගෙන් පෙණුනේ තරමක් නිහඬ පිළිවෙතක්.මේ අතර තම නිල Facebook ගිණුම ඔස්සේ තමන්ගේ අලුත්ම පෙනුම කොහොමද කියලා රසික රසිකාවියන්ට පෙන්වන්න නටාෂා අමතක කරලා නැහැ.

සුසන්තිකාට නව තනතුරක්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ධාවන ශූරියකු වන ඔලිම්පික්‌ පදක්‌කම් ලාභී සුසන්තිකා ජයසිංහව ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සහ පුහුණුකිරීම භාරදී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ පත්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී සුසන්තිකා ජයසිංහට ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ආදි කටයුතු සුසන්තිකා ජයසිංහ විසින් සිදුකිරීමට නියමිතය.

ඇමරිකාවේදී තෙවැනි වරටත් ෂාරුක්‌ හිරවෙයි

ඊයේ 12 දා ඇමරිකාව බලා පිටත් වූ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්‌ ඛාන් තුන්වැනි වතාවටත් ලොස්‌ ඇන්ජලිස්‌ ගුවන් තොටුපළේ රඳවාගෙන තිබේ.

මීට පෙර 2009 වසරේ නිවාක්‌ ගුවන් තොටුපළේ පැය 4 ක්‌ ද 2012 වසරේ නිව්යෝර්ක්‌ වයිට්‌ ප්ලේන් ගුවන්තොටුපළේ විනාඩි 90 ක්‌ ද ෂාරුක්‌ ඛාන් රඳවා ගත් අතර මේ දෙවතාවේදීම ඉන්දීය තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඔහු නිදහස්‌ කර ගැනිණි.

චම්පක රාමනායක හොර පාරෙන්ම බංග්ලාදේශයට

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චම්පක රාමනායක මහතා ලබන සැප්තැම්බර් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණු තනතුර භාර ගැනීමට නියමිතව තිබෙන බව ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයක්‌ ඔස්‌සේ වාර්තා විය.

රාමනායක මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලබන අතර දැන් ක්‍රියාත්මක ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වූ වහාම එම ධුරයෙන් ඉල්ලා අස්‌වී නව තනතුර සඳහා පිටත්ව යැමට නියමිතව තිබෙන බව එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් විය.