හිරුණිකා - වැලි චූලා දැව කොල්ලයක

මැර බලය සහ දේශපාලන බලය යොදවමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ දුම්බර කිරිඇල්ල අක්කර අටදහස් තුන්සිය දාහත (8317) ක මහා පරිමාණ දැව කොල්ලයක් දියත් කෙරී ඇත.

කිරිඇල්ල නැදුන් රජමහා විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමිගේ අනුග‍්‍රහය මත මෙම දැව කොල්ලයේ නිරත වෙමින් සිටින්නේ මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ස්වාමි පුරුෂයා වන හිරාන් යටෝවිට සහ පාදුක්කේ වැලි චූලා නමැති පුද්ගලයන්ය. දැව ජාවාරම සඳහා පොලිස් ප‍්‍රධානීන්ගේ ද සහාය ලැබී ඇත. 

ප්‍රියා සූරියසේනට තහනමක්‌

ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන ගායනා කරන "ඈත රන් විමන් තුළින්" යන ගීතය ගායනා කිරීම තහනම් කරමින් අළුත්කඩේ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා විසින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කර ඇත.

ගීතයේ ප්‍රබන්ධක ෂෙල්ටන් වීරරත්න මහතා විසින් තමා 1965 දහහත් හැවිරිදි වියේදී මෙම ගීතය ප්‍රබන්ධ කරමින් ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන මහතාට භාර දුන් බවත් ඔහු තම මූන්ස්‌ටෝන් ගායක කණ්‌ඩායම සමඟින් ගායනා කළ අතර 1967 දී එය තැටිගත කර ඇති බවත් ප්‍රියා සූරියසේන මහතා විසින් එම ගීතය ප්‍රෙමකීර්ති ද අල්විස්‌ මහතා ප්‍රබන්ධ කර ඇති බව විද්යුත් සහ ගුවන් විදුලි මාධ්‍යවලට ප්‍රකාශ කිරීම නිසා තමාගේ කීර්ති නාමයට විශාල හානියක්‌ සිදු වී ඇති බැවින් තමාට කෝටියක මුදලක්‌ බුද්ධිමය දේපළ පනත යටතේ ලබාදෙන ලෙස ඉල්ලා නඩු පවරා ඇත.

අයියා අංකල්ට ලිංගික අධ්‍යාපනය දෙන නිළිය!

ලිංගික අධ්‍යාපනය ගැන පහුගිය ටිකේ කතා කර කර හිටපු එක්තරා තද තද සුදු සුදු බුකියෙ රජ කරන ම්... ආ... නිළියක්,  නිළියක් රාජගිරිය පැත්තෙ අවුරුදු හැට හැත්තෑවක් විතර වයස වෙන අයියා අංකල් කෙනෙක්ට ලිංගික අධ්‍යාපනය දෙන්න පටන් අරන්ලූ.

වයසක අයියා අංකල්ට ලිංගික අධ්‍යාපනය දෙන නිළි ඇත්තිට ගුරු පඩුරු විදිහට අයියා අංකල් තුංමහල් ප‍්‍රාසාදයකුත් අරන් දීලලූ. එච්චරම විතරකුත් නෙමෙයි ඉතින් දෛනික වියදම් එහෙමත් කරන්නෙ අයියා අංකල් කියනවනේ. ඕං ඔය අසම්මත වැඬේ හින්දා සුදු නිළිය නම් මේ දවස්වල ඉන්නෙ අවුලෙන් කියලා තමයි වටේ පිටේ අය නම් කියන්නෙ. මොකද සුදු නිළියට මේ දවස්වල ගෙදරින් හෝ ගාලා මනමාලයො හොයනවලූනේ.

උදාරිට ඉල්ලුම වැඩි වෙලා

උදාරි වර්ණකුලසූරියට මේ වන විට චිත්‍රපට සඳහා ඇති ඉල්ලුම වැඩි වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ ඇය සිටින ආදරණීය කතාවක් සිනමාපටයේ ඇති සාර්ථකත්වය. උදාරි හීනෙකින්වත් හිතපු නැති ප්‍රමාණයට චිත්‍රපට සඳහා ආරාධනා ගලාගෙන එනවලු.

ඇයගේ දුව ලබන වසරේ පෙර පාසල් යනවා. සිංගප්පූරුවෙ පාසලකට තමයි උදාරි තම දියණියව ඇතුළත් කරන්නට හිතාගෙන ඉන්නෙ. ඒ වෙනුවෙන් ලබන මස ඇය විදෙස්ගත වනවා. ඒ කටයුතු මැද තමන්ට ලැබුණු චිත්‍රපටවලට මොකද කරන්නෙ කියලා කල්පනා කරනවලු. නොවැම්බර් මාසයේදී උදාරි ආයෙ ලංකාවට එනවා. ඒ හින්දා එම චිත්‍රපටවල වැඩ නොවැම්බර් මාසයෙන් පසුව දාගන්නට උදාරි හිතාගෙන ඉන්නවලු.

අනුර සේනානායකගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ජාතික පුවත්පතකට අසත්‍ය තොරතුරු ලබාදීමෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපහාසයක් සිදු කැර ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා නීතිඥවරියක මාර්ගයෙන් එන්තරවාසියක් ඊයේ (12) යවා තිබේ.