ක්රීඩාලෝලීන් විමතියට පත්කරමින් රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ අද පැවති පිහිනුම් අවසන් තරගයකදී අමෙරිකානු ක්රීඩක මයිකල් පෙල්ප්ස් පරාජයට පත්වුණා. ඒ, මීටර් 100 සමනලආර ඉසව්වේදීයි.
සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් තත්ත්පර 50යි දශම 3යි 9ක කාලයකින් තරගය නිම කරමින් මෙහි රන් පදක්කම දිනාගත්තා. මෙය නව ඔලිම්පික් වාර්තාවක් ද වනවා. තත්ත්පර 49යි දශම 8යි 2ක් වන මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවදුරටත් හිමිව තිබෙන්නේ අමෙරිකානු ක්රීඩක මයිකල් පෙල්ප්ස්ටයි. කෙසේ වෙතත් අද ඔහුගේ තරග නිමි කාලය ඊට වඩා තත්ත්පර 2ක් පමණ පසුපසින් පැවතියා. ඒ, තත්ත්පර 51යි දශම 1යි 4ක් ලෙසයි.


