කෝටි ගණනක කළු සල්ලි රාජසන්තක කිරීමට යයි

උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි තවත් රුපියල් කෝටි දහසක පමණ දේපොළක් රාජසන්තක කිරීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරගෙන යයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පරීක්ෂණයට භාජනය වෙමින් පවතින පැමිණිලි තුන්සියයකට වැඩි ප්‍රමාණයකින් පැමිණිලි සියයක පමණ වූ කෝටි ගණන් වත්කම් ඉපැයුවේ කෙසේද යන්න අනාවරණය කිරීමට එම චෝදනා ලබා ඇති දේපොළ හිමිකරුවන් අපොහොසත් වී තිබේ.

ශ්‍රීලනිප යේ 65 වන සම්මේලනයට මහින්දට ඇරයුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.



ජේසු පිළිමයක් ඇස හැර බලයි (VIDEO)

අන්තර්ජාලය කියන්නේ ඇත්ත මෙන්ම බොරුව ද පවතින තැනක්.අන්තර්ජාලයේ ඇති තොරතුරු සමුදායෙන් ඇත්ත වෙන්කර ගැනීම සැබැවින්ම හිතන තරම් ලෙහෙසි වන්නේ නැහැ.

මේ බව සනාථ කරමින් දිනපතාම පාහේ ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝ දසුන් Youtube ජාලයට එකතු වෙමින් පවතිනවා.දේවස්ථානයක ඉදිකර ඇති ජේසුස් වහන්සේගේ පිළිරුවක් ඇස් හැර බල නැවතත් ඇස් පියාගැනීමේ දසුන් පෙලක් දැක්වෙන වීඩියෝවක් මේවන විට ලොව පුරා Youtube පරිශීලකයින් කම්පනය කරන්නට සමත් වෙලා.

විජය නන්දසිරි වෙනුවෙන් ජනපති නියමයෙන් ලක්ෂ 5ක්

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

මෙම ලක්ෂ පහක මුදල ඊයේ (10දා) දිනම ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ‍ලේකම් පී.බි. අබේකෝන් මහතාට උපදෙස් ලබා දීමත් සමග ‍ලේකම්වරයා විසින් මෙම මුදල විජය නන්දසිරි මහතාගේ පවු‍ලේ සාමාජිකයන් වෙත ලබා දී තිබේ.
සුජිත් කෝනාර

බැසිල් හා යෝෂිතගේ මුදල්-ඉඩම් රාජසන්තකයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කඩුවෙල සහ මාතර පිහිටි ඉඩම් දෙකක් සහ සී.එස්.එන්. නාලිකාව හරහා සිංගප්පූරුවේ සඟවන ලද රුපියල් මිලියන 157.5ක මුදලක් මහ බැංකුවට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (10) පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය. කඩුවෙල ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම අක්කර 18කින් සමන්විත සුවිසල් හෝටලයක් ආකාරයට ගොඩනගා ඇති බවත් එම ඉඩම සහ ගොඩනැගිලි ‍පොලිස් පුහුණු පාසලක් ඉදිකිරීම සඳහා යොදවන බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවූ බව ඒ මහතා පැවැසීය.