එල්.ටී.ටී.ඊ කොටි සාමාජිකයන්, පුනරුත්ථාපන ලබමින් සිටිය දී විස සහිත එන්නත් ලබා දුන්නේ යැයි පුනරුත්ථාපනය ලැබූවන් කරන චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකිරීමට සුදානම් බවසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීමේ දී ද අදහස් පළ වූ බව කී ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම පළාත් පාලන නියෝජිතයන්ට දැනුම් දුන් බව ද කීය.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීමේ දී ද අදහස් පළ වූ බව කී ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම පළාත් පාලන නියෝජිතයන්ට දැනුම් දුන් බව ද කීය.