දකුණු කොරියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(08) එරට පාර්ලිමේන්තු පරිශ්‍රය නැරඹීමට එක්විය.
එහිදී ඔහු කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ.
කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සිම් චූ ලේගේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොරියානු පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.




