පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 20ක්!

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 20ක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් ඇතැයි සොයා ගැනීමට නාසා ආයතනයේ කෙප්ලර් දුරදක්නය සමත් වී ඇත.

ගෙවුණු වසර තුන තුළ නව ග්‍රහලෝක 4000ක් පමණ සොයා ගැනීමටත් ඒවායේ පිටසක්වළ ජීවීන් ඇත්දැයි පරීක්ෂණ දියත් කිරීමටත් නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයන්ට හැකි විය.

ඕස්ට්‍රේලියාව සියල්ල දැවී 106

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ පිළිතුරු පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියලුදෙනා ලකුණු 106කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුළු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා.

රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්‌ Video

සංචාරක ඕසටේ‍්‍රලියානු කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලූ ති‍්‍රත්වක් වාර්තා කිරීමට රංගන හේරත් සමත් වුණා. ඔහුගේ කඩුලූ ති‍්‍රත්වය ලෙස දැවී ගියේ ඇඩම් වොජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටර්ක්. ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුලූ ති‍්‍රත්වයක් දවා ගත් දෙවන පන්දු යවන්නා වන්නේ රංගන හේරත්.මේ දස්කම කළ පළමුවැන්නා වූයේ නුවන් සොයිසායි.

මුල් ලිපිය සඟවා ෆොටෝ කොපියට ගිනි තියලා

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ කැදවීම් ලිපිවලට ගිනි තබා විනාශ කරන බව පවසමින් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් පෙරේදා (3 ) පැවැති මාධ්‍ය හමුවේ දී ගිනි තබා ඇත්තේ එම ලිපිවල මුල් පිටපත්වලට නොව ඒවායේ ඡායා පිටපත්වලට බව අනාවරණය වෙයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකරන බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත්‍රීවරු න් ඇතුඵ පිරිසක් පෙරේදා කුරුණෑගල දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම ලිපි ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළහ. මන්ත්‍රීවරු න් ගිනි තැබූ ලිපිවල දැවී ඉතිරි වූ කොටස් පරීක්ෂා කිරීමේදි ඒවා මුල් පිටපත් නොව ඡායා පිටපත් බව දැකගගත හැකි විය.

ආනන්ද විදුහල්පතිට මාරුවක්

කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාට දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.

පසුගිය කාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විගණන වාර්තා පදනම් කරගෙන ගැටලූ මතුව තිබුණ අතර පිරිසක් විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කිරීම වෙනුවෙන් විරෝධතාවයන් මතුකර තිබුණි.

මින් ඉහත රාජකීය විද්‍යාලයේ විදුහල්පතිටද ගැටලූ මතුව ඉවත්කරන්නට යෙදුණ අතර මේ වනවිට නාලන්ද විද්‍යාලයේද ගැටලූ මතුව තිබේ.