මුල් ලිපිය සඟවා ෆොටෝ කොපියට ගිනි තියලා

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ කැදවීම් ලිපිවලට ගිනි තබා විනාශ කරන බව පවසමින් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් පෙරේදා (3 ) පැවැති මාධ්‍ය හමුවේ දී ගිනි තබා ඇත්තේ එම ලිපිවල මුල් පිටපත්වලට නොව ඒවායේ ඡායා පිටපත්වලට බව අනාවරණය වෙයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකරන බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත්‍රීවරු න් ඇතුඵ පිරිසක් පෙරේදා කුරුණෑගල දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම ලිපි ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළහ. මන්ත්‍රීවරු න් ගිනි තැබූ ලිපිවල දැවී ඉතිරි වූ කොටස් පරීක්ෂා කිරීමේදි ඒවා මුල් පිටපත් නොව ඡායා පිටපත් බව දැකගගත හැකි විය.

ආනන්ද විදුහල්පතිට මාරුවක්

කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාට දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.

පසුගිය කාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විගණන වාර්තා පදනම් කරගෙන ගැටලූ මතුව තිබුණ අතර පිරිසක් විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කිරීම වෙනුවෙන් විරෝධතාවයන් මතුකර තිබුණි.

මින් ඉහත රාජකීය විද්‍යාලයේ විදුහල්පතිටද ගැටලූ මතුව ඉවත්කරන්නට යෙදුණ අතර මේ වනවිට නාලන්ද විද්‍යාලයේද ගැටලූ මතුව තිබේ.

පිරිමිව ඉපිදී අය 'ස්‌ත්‍රී' හැඳුනුම්පත් ඉල්ලති

මෙරට පිරිමි දරුවකු ලෙස ඉපිද පසුව කාන්තාවක්‌ බවට පරිවර්තනය වූ හෙවත් ලිංගික සංක්‍රාන්තියට (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) පත් වුවත් තමන්ට "ස්‌ත්‍රීන්' බව හඟවන ජාතික හැඳුනුම්පතක්‌ නිකුත් කරන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබේ.

දැනට තමන් සතුව පවතින ජාතික හැඳුනුම්පත්වල "පිරිමි" වශයෙන් සඳහන් කර තිබීම හේතුවෙන් පොදු ස්‌ථානවලට හා ඡන්ද මධ්‍යස්‌ථාන වෙත යන අවස්‌ථාවලදී කාන්තාවන් වශයෙන් පෙනී සිටීම නිසා තමන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවන බව මෙරට ලිංගික සංක්‍රාන්තියට පත් ප්‍රජාව පවසා සිටිති.

පිළිකා සෛල විනාශ කරන ආහාර වර්ග

කරවිල
පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවකි. පිළිකා රෝගීන්ට ගුණදෙයි. කිරිදෙන මව්වරුන්ට හා ගැබිනි මව්වරුන්ට යෝග්‍ය ආහාරයකි. නමුත් එහි පවතින තිත්ත ගතිය නිසා වැඩිදෙනා මෙම එළවළුවට පි‍්‍රය නැහැ. දියවැඩියාවට ගුණදෙයි. එනම් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමයි.

රුධිරය පිරිසිදු කිරීමේ ගුණය ඇත. පිළිකා නාශක ගුණයට අමරතව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. සමේ පලු දැමීම දුරු කරයි. ඇස්වල දීප්තිමත් භාවය රැක දෙයි. අර්ශස් රෝගීන්ට ගුණ දෙයි. හේතුව මල බද්ධය නැති කරන බැවිනි. අධික තරබාරුව නැති කරයි. අත් පා වල හිරිගතිය දුරු කරයි. අකලට කෙස් වැටීම නැති කරයි. පණු රෝග නැති කරයි. කරවිල විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා, බඩවැලේ ඇතිවන පිළිකා හා පියයුරු පිළිකා සඳහා ගුණ දෙන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.

මහින්දගේ කාලේ ළමයෙක් එහෙම කීවා නම්

පාද යාත්‍රාවේ ගෙන ගිය දරුවකු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අපහාස වන අයුරින් හැසිරවීම එම දරුවා හුරතලයට කරන ලද ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසුවද එතුමා ජනාධිපතිවරයාව සිටියදී යම් දරුවකු හුරතලයට සුනාමි හොරා, පක්‍ෂ කඩන්නා, මළ පෙරේතයෝ අපට එපා, නාකි මොටා අපිට එපා කීවා නම් දරුවා තබා දරුවගේ අම්මා, අප්පා සිටින තැනවත් සොයා ගැනීමට නොලැබෙනු ඇතැයි නිපුණතා පුහුණු හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

 විමල් වීරවංශ මන්ත්‍රිවරයා 1000ක් 1500ක් රැගෙනවිත් කොළඹ පෙරළනවා යැයි ගර්ජනා කළත් ඔහු එසේ ආවොත් කොළඹ ජනතාව මේ මනුස්සයාගේ මයිල් ගහක් ගාණේ පතුරු ගසනු ඇතැයි පවසන අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා ඔහු උත්සාහ කරන්නේ 1971 වර්ෂයේ මෙන් මේ රටේ ලේවල පිහිනන යුගයක් යළි ඇති කිරීමටදැයි ප්‍රශ්න කරයි.