මන්ත්‍රී නිශාන්ත නිදහස් පක්ෂයෙන් නෙරපයි

පුත්තලම දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, රූපවාහිනී වැඩසටහනකදී පක්ෂය සහ පක්ෂ නායකත්වය පිළි නොගන්නා බවට ප්‍රකාශ කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා බව ය.

'හෝ ගානා පොකුණ'ට බොදු බලෙන් පැමිණිල්ලක්

'හෝ ගාන පොකුණ' චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදි ලෙස අර්ථ දක්වා ඇතැයි බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.

ඔවුන් එසේ චෝදනා කලේ අද චිත්‍රපට සංස්ථාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමිනි.

අදාල පැමිණිල්ල සිදුකරමින් එම සංවිධානය ඉල්ලා සිටියේ මහජනයා වෙත එම චිත්‍රපටයේ DVD බෙදා හරිම නවත්වන ලෙසයි.

පාද යාත්‍රාවේ ගිහින් මධුමාධව ගේ මුණ කලුවෙලා

මධුමාධව අරවින්ද ජන සටන පාද යාත්‍රාවේ ප්‍ර‍මුඛ කාර්යයක් ඉටුකළ අයෙකි. පාද යාත්‍රාවේ යාමේදී අව්වට හසුව අවපැහැ වූ තම සම යථාතත්වයට ගෙන ඒම සඳහා ආලේපනයක්ද ගල්වාගෙන කරනලද අදහස් පලකිරීමයි මේ.



MG ධනුෂ්ක බාරවෙයි

ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්ක අද (04දා) අධිකරණයට බාර වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම වෙනුවෙන් වරෙන්තු නිකුත් කිරීම වෙනුවෙන්.

ධනුෂ්ක බාර වීමෙන් පසුව ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (03දා) නිකුත් කළ වරෙන්තුවත් ආපසු කැඳවනු ලැබීය. එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ඔහුගේ අවසරයකින් තොරව ගායනා කිරීම සම්බන්ධයෙන් එම්.ජී. ධනුෂ්කට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙනවා.

‘යුරේනිගේ‘ අලුත්ම පින්තූර!

යුරේනි නොෂිකා කියන්නේ යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත් නිළියක් ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්.

විටින් විට ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් නිසාම ඇය පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්වෙලා තිබුණා.කෙසේ වෙතත් ඇය නැවතත් සමාජ ජාලා වෙබ් අඩිවි වල මාතෘකාවක් වෙලා.

ඒ ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට දමපු අලුත්ම ඡයාරූප කිහිපයක් නිසා..මේ ඡයාරූප දැකපු ඇගේ රසික රසිකාවියන් ෆේස්බුක් හරහා විවිධ ප්‍රතිචාරයන් දක්වා තිබුණා.