මහින්ද අද ප‍්‍රභාකරන්ට සමානයි

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් තමන් හා තම පවුල ආරක්‍ෂා කර ගැනීම සඳහා අවසානයේ මිනිස් පලිහක් යොදා ගත් ආකාරයටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද දුෂණ වංචා ආරක්‍ෂා කර ගැනීම සඳහා මිනිස් දම්වැලක් යොදා ගනිමින් සිටින බව ඇමති විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ස්ථාන 400කට ලඟදීම නොමිලේ WiFi

ඔක්තෝබර් මාසය වනවිට ස්ථාන 400ක WiFi පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමෙරිකාවේ කැලිෆෝනියාවේ සිට ගූගල් ලූන් බැලුනයක් ලංකාවේ ඉහළ අහසේ රැඳවීමට අවශ්‍ය සියලුම කටයුතු අවසන් කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාද යාත්‍රාවේ කෑ ගැසූ දරුවා ගැන පරීක්ෂණයක්

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ පාද යාත්‍රාවේදී ආණ්ඩුව විවේචනය කරමින් කෑ ගැසූ කුඩා දරුවාගේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කළ බව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසීය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් කුඩා දරුවාගේ හැසිරීම දෙමව්පිය අනුදැනුම ඇතිව හෝ නැතිව සිදුවූ දෙයක්ද යැයි සොයා බලන ලෙසද ඇය ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කර තිබේ.

මහින්ද සතියකට දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතියක කාලයක් සඳහා දකුණු කොරියානු සංචාරයක් සඳහා අද (4දා) පිටත්ව යාමට නියමිතව ඇත.දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඇරයුමකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙසේ දකුණු කොරියානු සංචාරයකට එක්වේ.

මෙම සංචාරයට හිටපු ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙක් එක්වීමට නියමිතය.

තාජුඩීන් ඝාතනය කළ දා ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් ඇමතුම්

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින රාත්‍රියේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දුරකථන භාවිතා කොට එවකට නාරාහේන්පිට ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි ඇති බව අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සූක්ෂම ලෙස විමර්ශන සිදුකරන්නේ යැයි නීතිපතිවරයා අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය.

එම ඝාතනය සිදුවූ දින ජනාධිපති ‍ලේකම් කාර්යාලය නමින් නිකුත් කර ඇති දුරකථන තුනකින් හිටපු ‍පොලිස් ස්ථානාධිපති ඩේමියන් පෙරේරා යන අයට දුරකථන ඇමතුම් තුනක් ලැබි ඇති බවට අනාවරණය වී ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා එහිදී දැනුම් දුන්නේය.