
එම ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලය නමින් නිකුත් කර ඇති දුරකථන තුනකින් හිටපු පොලිස් ස්ථානාධිපති ඩේමියන් පෙරේරා යන අයට දුරකථන ඇමතුම් තුනක් ලැබි ඇති බවට අනාවරණය වී ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා එහිදී දැනුම් දුන්නේය.
එම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ලබාගත් සී.සී.ටී.වී. දර්ශන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ආයතනය වෙත යැවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එම නඩුව යළි ලබන 10 වැනිදා කැඳවීමට නියමිතය.