ජනපි‍්‍රය ගායන ශිල්පී එම් ජී ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) වරෙන්තු නිකුත් කළා. ඒ, අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.
බයිලා චක්‍රවර්තී එම් එස් ප්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව රියැලටි වැඩසටහනක ගායනා කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපල පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා. මෙම නඩුව ගොණුකර තිබුණේ සරත් ප්‍රනාන්දු නමැත්තෙකු විසින්.



