MG ධනුෂ්කට වරෙන්තු

ජනපි‍්‍රය ගායන ශිල්පී එම් ජී ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (03) වරෙන්තු නිකුත් කළා. ඒ, අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

බයිලා චක‍්‍රවර්තී එම් එස් ප‍්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව රියැලටි වැඩසටහනක ගායනා කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපල පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා. මෙම නඩුව ගොණුකර තිබුණේ සරත් ප‍්‍රනාන්දු නමැත්තෙකු විසින්.

UNPයේ 70 වැනි සංවත්සර ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සර උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම සංවත්සර උත්සවය සැප්තැම්බර් 10 වැනිදා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වේ.

ICC මහගෙදර කොළඹට?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය තවත් වසර 02 කින් පසු කොළඹ නගරයට ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබේ. විශේෂයෙන් 2019 වසර වනවිට ඩුබායි නගරය තුළ බදු සහන නොලැබෙන තත්ත්වයක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය වෙනත් රටක ස්ථාපිත කිරීමට අයි.සී.සීය තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා කාමරය ඉවත්කර (පාටිෂන් කර) එහි පරිපාලන කටයුතු සඳහා එම ස්ථානය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මේ වනවිට ආසියානු ක්‍රිකට් මූලස්ථානයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළම ස්ථාපනය කර ඇති අතර, ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අනෙකුත් පහසුකම් මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සඳහා බදු පහසුකම් ලබාගෙන ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

පිරිතට වැඩි හිමි දෙනමක් ගුටි ඇනගෙන රෝහලේ..!

පිළියන්දල, හෝකන්දර ප්‍රදේශයේ සති පිරිත් දේශනාවකට වැඩම කර සිටියදී හිමිනමක් පහර දුන්නා යැයි පවසා කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක් කෑගල්ල මහ රෝහලට වැඩම කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ භික්ෂු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් වැඩසිටින්නේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක 55 හැවිරිදි හිමි නමක් බව පොලිසිය කියයි.

පාගමනේ ගිය ෆේස්බුක් ඇඩ්මින් ගුටි කාලා!

ජන සටන පාද යාත්‍රාව අතරතුරදී ඔවුන්ගේ ප්‍රධාන ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙකු වන නුවන් නිරෝධ අල්විස්ට පහරදීමක් සිදුව ඇති බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

පාද යාත්‍රාවේ සිව් වැනි දිනයේ තමන්ට මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවයි එහි සඳහන් වන්නේ.