ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය තවත් වසර 02 කින් පසු කොළඹ නගරයට ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබේ. විශේෂයෙන් 2019 වසර වනවිට ඩුබායි නගරය තුළ බදු සහන නොලැබෙන තත්ත්වයක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය වෙනත් රටක ස්ථාපිත කිරීමට අයි.සී.සීය තීරණය කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා කාමරය ඉවත්කර (පාටිෂන් කර) එහි පරිපාලන කටයුතු සඳහා එම ස්ථානය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මේ වනවිට ආසියානු ක්‍රිකට් මූලස්ථානයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළම ස්ථාපනය කර ඇති අතර, ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අනෙකුත් පහසුකම් මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සඳහා බදු පහසුකම් ලබාගෙන ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.




