අම්බලන්ගොඩ,කන්දෙගොඩ දුම්රිය ස්ථානය පිටුපස කුරුදුවත්ත පාරේ ගමන් කරමින් සිටි අවුරුදු 70 ක් පමණ වයසැති සද්දන්ත අලියෙකු අම්බලන්ගොඩ දෙසය රැගෙන යමින් සිටියදී පාර මැද ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගියේය.
මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් රැස්ව සිටි අතර ක්ෂණිකව පැමිණි වන ජීවී නිළධාරීන් ද පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.




