පාද යාත්‍රාව අදට නවතියි

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව  කිරිබත්ගොඩ නගරයෙන් අවසන් කර තිබේ.පාද යාත්‍රාවේ සිව්වන දිනය අද(31) වන අතර එය නිට්ටඹුව නගරයෙන් ගමන් ආරම්භ කළේය.

පාද යාත්‍රාවේ අවසන් දිනය වන හෙට(01) දිනයේ එය කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

පබාට දේශපාලනය එපාම වෙලා

පබා එහෙමත් නැත්නම් උපේක්ෂා ස්වර්ණමාලි අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක අමුතු ආරංචියක් නොවුණට එයා දේශපාලනයට සමුදෙන්න යනවා කියන එක නම් අලූත් ආරංචියක්.
පහුගිය කාලෙ දේශපාලන වේදිකාවෙ කතා බහට ලක් වුණු චරිතයක් වුණු උපේක්ෂාට එකපාරටම දේශපාලනේ එපාම වෙලා ගියේ ඇයි කියන එක ගැන අපි ටිකක් හොයල බැලූවා.

කොහොම වුණත් ඒකට හේතු වෙලා තියෙන්නෙ එයාගෙ පවුල් ජීවිතේ ලූ. උපේක්ෂාම කියන විදිහට එයාගෙ සැමියා එයාට දක්වන ආදර සැලකිලි නිසා එයාට දැන් වටින්නෙ එයාගෙ පවුල් ජීවිතේලූ. අනෙක් ඒවා ඔක්කොම දෙවැනි තැන තමයිලූ.

පුෂ්පිකා මව් පදවියට

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා ගිය වසරේ විවාහ දිවියට එළැඹුණා.
ව්‍යාපාරිකයෙකුගේ මනමාලිය වුණු පුෂ්පිකාගේ පුංචි පවුලට මේ වෙද්දි අලුත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

මේ ගැන ඇයගේ ෆේස්බුක් ගිණුමෙත් පුංචි සටහනක් තිබුණා වගේම පහුගිය දවසක පවුලේ අය එක්ක ගිහින් තිබුණු විනෝද චාරිකාවකදි ගත්ත ඡායාරූප වලට දැම්ම කමෙන්ට් එකකත් ඇය දැන් ගැබ් අරන් තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා.

තරගයේ විනිසුරුවරයෙක්ව පියුමි සිපවැළදගනී

මෙවර විශ්ව රූ රැජින තරගයේ අවසන් 12 දෙනා අතරට පියුමි හංසමාලි තේරී ඇත.

මේ දිනවල කැට් වෝක් පුහුණු වන පියුමි පළමු වටයේදී තරගය විනිශ්චය කරන විනිශ්ච මණ්ඩලයේ විනිසුරුවරයෙකු වන විශ්ව පෙරේරාව බදාගෙන සිටින හා සිපගන්නා චායාරූප රැසක් අන්තර්ජාලය හරහා සැරිසරයි. 

සාමාන්‍යයෙන් තරගයකදී තරගකාරියන් හා විනිශ්ච මණ්ඩලය අතර තරගයක් අවසාන වන තෙක්ම වැඩි ඇයි හොදයියක් නොමැති අතර තරගයේ පළමු වටයේදීම විනිසුරුවරයෙකු තරගකාරියක්ව සිප වැළදගැනීම අනිකුත් තරගකාරියන්ටද ප‍්‍රශ්නයක් වනවාට සැකයකි නැත. 

පාද යාත්‍රා ගිය රැසකට වැඩ වරදී

පක්ෂයේ තීරණ වලට අභියෝග කරමින් විනය නීති කඩකරමින් කටයුතු කරන, ජනසටන පාද යාත්‍රාව සඳහා ක්‍රියාකාරීව දායකත්වය සැපයූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාහි තනතුරු දරන මැති ඇමැතිවරු රැසකට ළඟදීම තම තනතුරු අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග මඟින් හෙළි වෙයි.

පසුගියදා පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙන අතර, මෙහිදී බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල කැපී පෙනෙන නියෝජිතයන් කිහිපදෙනකු සිටින බවද ආරංචි වේ.