යුද්ධාධිකරණ තීන්දුව ජනපති බලරහිත කරයි

ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරම හා කප්පම් ගැනීමට දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනා එල්ල වී ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් කීපදෙනකුට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයක ප්‍රධාන සාක්ෂිකරුවකු වන ලුතිනන් කමාන්ඩර් කේ.සී. වෙලගෙදරට එරෙහි යුද්ධාධිකරණය දුන් නඩු තීන්දුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බලරහිත කර තිබේ.

එය ඔහුගෙන් පලිගැනීමට දුන් තීන්දුවක් සේ සලකා මෙම පියවර ගෙන ඇත.

උසස් පෙළ විභාගය 2දා සිට

අධ්‍යයනපොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2,204 කදී ලබන අඟහරුවාදා (2) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 315,605දෙනකු පෙනී සිටිති. මෙයින් 240,991ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 74,614ක් පෞද්ගලික අයදුම්කරුවෝ වෙති. විභාග පරිපාලනය සඳහා දිවයින පුරා 27,500ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.

දිය නාන තරුණිය වීඩියෝ කළ සිසුවා

නාන කාමරයක දිය නාමින් සිටි තරුණියකගේ සිරුර වීඩියෝ ගතකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ලාබාල අයෙක් අගෝස්තු 8 දක්වා මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

මෙලෙස රැඳවුම් නියෝග ලැබුවේ තිඹිරිගස්කටුව අඩි 60 පාර පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙකි. සිද්ධියට මුහුණපෑ කත නාන කාමරයේ සිටියදී පිරිමි ළමයකු වීඩියෝ ගතකරන බවට තොරතුරු දැනගැනීමෙන් පසු ඒ අනුව ඇය තම දියණියට නාන කාමරයට ගොස් දිය නෑමට සලස්වා විමසිල්ලෙන් බලා සිට තිබේ.

යහපාලනයට කඬේ ගිය පත්තිනි දේවිය පාද යාත‍්‍රාවේ..

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී යපාලනය ගෙන ඒම සඳහා ඉදිරියෙන්ම කටයුතු කල කලාකාරිනියක් වන මධුෂා රාමසිංහ ඇතුළු පිරිසක්ද ඒකාබද්ද විපක්‍ෂයේ ජනසටන පාද යාත‍්‍රාව සමඟින් එක්ව සිටියේ මෙසේය.

පදිංචියට යන්නෙත් නැතිව දුමින්ද කුලී ගෙවලා

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලියට ගත් ගොඩනැඟිල්ලේ පදිංචියට නොගොස් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වන විට රුපියල් අටකෝටි හතළිස්ල ක්ෂයක මුදලක් කුලිය වශයෙන් ගෙවා තිබේ.

මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක කුලී පදනමක් යටතේ ඉකුත් අප්‍රේල් 08 වැනිදා ලබාගත් මේ ගොඩනැඟිල්ල වෙනුවෙන් අමාත්‍යාංශය වසර දෙකක කුලිය වශයෙන් රුපියල් පනස් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇත.