දිය නාන තරුණිය වීඩියෝ කළ සිසුවා

නාන කාමරයක දිය නාමින් සිටි තරුණියකගේ සිරුර වීඩියෝ ගතකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ලාබාල අයෙක් අගෝස්තු 8 දක්වා මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

මෙලෙස රැඳවුම් නියෝග ලැබුවේ තිඹිරිගස්කටුව අඩි 60 පාර පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙකි. සිද්ධියට මුහුණපෑ කත නාන කාමරයේ සිටියදී පිරිමි ළමයකු වීඩියෝ ගතකරන බවට තොරතුරු දැනගැනීමෙන් පසු ඒ අනුව ඇය තම දියණියට නාන කාමරයට ගොස් දිය නෑමට සලස්වා විමසිල්ලෙන් බලා සිට තිබේ.

යහපාලනයට කඬේ ගිය පත්තිනි දේවිය පාද යාත‍්‍රාවේ..

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී යපාලනය ගෙන ඒම සඳහා ඉදිරියෙන්ම කටයුතු කල කලාකාරිනියක් වන මධුෂා රාමසිංහ ඇතුළු පිරිසක්ද ඒකාබද්ද විපක්‍ෂයේ ජනසටන පාද යාත‍්‍රාව සමඟින් එක්ව සිටියේ මෙසේය.

පදිංචියට යන්නෙත් නැතිව දුමින්ද කුලී ගෙවලා

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලියට ගත් ගොඩනැඟිල්ලේ පදිංචියට නොගොස් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වන විට රුපියල් අටකෝටි හතළිස්ල ක්ෂයක මුදලක් කුලිය වශයෙන් ගෙවා තිබේ.

මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක කුලී පදනමක් යටතේ ඉකුත් අප්‍රේල් 08 වැනිදා ලබාගත් මේ ගොඩනැඟිල්ල වෙනුවෙන් අමාත්‍යාංශය වසර දෙකක කුලිය වශයෙන් රුපියල් පනස් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇත.

මල් කඩෙන් කුඩු එළියට

මංගල උත්සව සඳහා මල්කලඹවල් සපයන මධ්‍යස්ථානයක් මුවාවෙන් හෝකන්දර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයෙන් සහ සුළු පරිමාණයෙන් හෙරොයින් බෙදා හරින රහසිගත මධ්‍යස්ථානයක් බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් වටලා රුපියල් විසි ලක්ෂයක් වටිනා මත් ද්‍රව්‍ය ග්‍රෑම් 100ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු විකුණා ලබාගත් බවට සැකකරන රුපියල් පනස් එක්දහස් නවසීයක මුදලක්ද සොයාගෙන ඇත.
පෙරේදා (27දා) රාත්‍රි පොලිස් නිලධාරීන් විසින් මේ ස්ථානය වැටලූ අවස්ථාවේ එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40 බැගින් අසුරන ලද කුඩා පැකට් 4,000ක තොගයක්ද සොයා ගැනීමට හැකිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කසිප්පු පෙරපු මාර පොරක් අල්ලයි

කැලයේ සැඟවී වනගත ජීවිතයක් ගත කරමින් විවාහ කරගෙන සිටින බිරින්දෑවරුන් තිදෙනා හා දරු තිදෙනා පෝෂණය කිරීමට කසිප්පු පෙරමින් සිටි තරුණයකු කසිප්පු හා උපකරණ තොගයක් සමඟ අනුරාධපුර උළුක්කුලම පොලිස් විශේෂ කාර්යබළකා කඳවුරේ නිලධාරීන් පෙරේදා (27දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර මීගහවැව ගන කැලෑ ප්‍රදේශයේ පුද්ගලයකු කසිප්පු පෙරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකර කසිප්පු ස්පී්‍රීත්තු බෝතල් 50ක් ගෝඩා බැරල් දෙකක්, පෙරීම සඳහා යොදාගන්නා තඹ දඟරයක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කෙළේය.