සතොස හිටපු සභාපතිට ඇප

රජයේ මුදල් අවභාවිත කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සතොස හිටපු සභාපති රුවන්ජීව ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හරින ලදී.

සතොස සභාපතිවරයාව සිටි 2015 වසරේ ජනවාරි දෙවැනි දින මොහු විසින් සතොස සහ ලක් සතොස වාහන යොදාගෙන ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සිට ඡන්ද නාමලේඛන ප්‍රවාහනය කර මැක්ලම් පාරේ පිහිටි සතොස ගබඩාවෙහි තබා ජනවාරි තුන්වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල දහතුනක් වෙත ප්‍රවාහනය කරමින් රජයේ මුදල් රුපියල් තිස් අටදහස් අටසියයක් (38,800) වංචා කළ බවට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

විමල්ගේ රිට් පෙත්සම ඉවතට

තමා සහ තම බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට පැමිණෙන ලෙස දන්වා අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස හා ඒ සම්බන්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම වළකන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) නියෝග කළේය.

මෙම පෙත්සම ඉදිරියට පවත්වගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) තීන්දු කළේය.

දෙවන පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරය අද (29) අවසන් වේ. තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ ලබන අගෝස්තු මස 31 වනදාය. අධ්‍යාපන පොස සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ඇගැයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මට පුළුවන්නම් 250 ක්‌ හරි ගහනවා

පළමු පෙළ ක්‍රිකට්‌ දිවියේ පළමු ශතකය ලැබූ පල්ලකැලේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදීම ජාත්‍යන්තර පළමු ටෙස්‌ට්‌ ශතකය ලැබීමට හැකි වීම තමා ලැබු භාග්‍යයක්‌ කොට සලකන බව කුසල් මෙන්ඩිස්‌ පවසයි.

"මම පළමුපෙළ ශතකය ලැබු ක්‍රීඩාංගණයේදීම ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ශතකයක්‌ ලැබීමට ලොකු භාග්‍යයක්‌." යෑයි මෙන්ඩිස්‌ පවසයි.

මට බෙහෙත් ගන්න උදව් කරන්න

"මට දැන් හොඳයි. ගීත ගයන්න පුරුදු පුහුණු වෙනවා. මට ප්‍රතිකාර සඳහා ලොකු මුදලක්‌ වැයවන නිසා ඒකට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිsනක්‌ ....." යෑයි ගායන ශිල්පී ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

රෝගාබාධයක්‌ හේතුවෙන් රෝහල්ගතව හිඳ නිවසට පැමිණීමෙන් පසු අදහස්‌ දක්‌වමින් ගායන ශිල්පී ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතා එසේ කියා සිටියේය.