මංගල උත්සව සඳහා මල්කලඹවල් සපයන මධ්‍යස්ථානයක් මුවාවෙන් හෝකන්දර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයෙන් සහ සුළු පරිමාණයෙන් හෙරොයින් බෙදා හරින රහසිගත මධ්‍යස්ථානයක් බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් වටලා රුපියල් විසි ලක්ෂයක් වටිනා මත් ද්‍රව්‍ය ග්‍රෑම් 100ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩු විකුණා ලබාගත් බවට සැකකරන රුපියල් පනස් එක්දහස් නවසීයක මුදලක්ද සොයාගෙන ඇත.
පෙරේදා (27දා) රාත්‍රි පොලිස් නිලධාරීන් විසින් මේ ස්ථානය වැටලූ අවස්ථාවේ එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40 බැගින් අසුරන ලද කුඩා පැකට් 4,000ක තොගයක්ද සොයා ගැනීමට හැකිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



