රජයේ මුදල් අවභාවිත කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සතොස හිටපු සභාපති රුවන්ජීව ප්රනාන්දු මහතා කොටුව මහෙස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හරින ලදී.
සතොස සභාපතිවරයාව සිටි 2015 වසරේ ජනවාරි දෙවැනි දින මොහු විසින් සතොස සහ ලක් සතොස වාහන යොදාගෙන ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සිට ඡන්ද නාමලේඛන ප්රවාහනය කර මැක්ලම් පාරේ පිහිටි සතොස ගබඩාවෙහි තබා ජනවාරි තුන්වැනි දින ගම්පහ දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල දහතුනක් වෙත ප්රවාහනය කරමින් රජයේ මුදල් රුපියල් තිස් අටදහස් අටසියයක් (38,800) වංචා කළ බවට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.



