ඇමති දුවක් හෙට යුගදිවියට

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ සිය ජීවිතයේ නව සංධිස්ථානයක් පසුකරමින් හෙට දින (22) විවාහ දිවියට පියවර ඔසවයි.

ඔහුගේ ජීවිතයේ අනාගත සහකාරිය ලෙස අත ගන්නා මනාලිය වන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ ආදරණීය දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මෙනවියයි.

අලි රෝෂාන්ගේ ඇතින්නක් අත්අඩංගුවට

කතරගම ඇසළ මංගල්‍යට පැමිණ පෙරහැරේ ගමන් ගත් සමාධි නම් ඇතින්න අද කතරගම ඇත් ගාලේ සිටිය දි වන ජිවි දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 17 ක් පමණ වන මෙම ඇතින්න සම්බන්දව 2014.08.31 වැනි දින කොළඹ මහා අධිකරණයේ (531313253-15) යටතේ මහරගම අංක 363 දරණ ස්ථානයේ පදිංචිව සිටින එස්.එන් රෝෂන්(අලි රෝෂාන්) නමති අයට එරෙහිව වන ජිවි දෙපාර්තමේන්තුවෙන් පැවරු නඩුවක් අනුව මෙම අලියා රුපියල් ලක්‍ෂ 50 ක ඇපයක් මත පෙරහැර වල් වලට පමණක් සහාභගි කරවීම පිණිස මුදාහැර තිබේ.

සචිනි අයේන්ද්‍රාට ජාත්‍යන්තර පදක්කම්

Sachini Ayendra (Sachini)2016 ජාත්යන්තර ප්රසාංගික කලා ශුරතාවය පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදී නිමාවට පත් වූ අතර එහිදී, ප්රථම වතාවට ශ්රී ලංකාව නියෝජනය කල ශ්රී ලාංකික රංගන ශිල්පිනී සචිනි අයේන්ද්රා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය.

සතොස හිටපු සභාපති රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතා එළැඹෙන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් නියෝග කළේය.


ෆිල්ම් බාලා හමාරයි

චිත්‍රපටලෝලි ඔබට කණගාටුදායක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබ නිරන්තරයෙන් චිත්‍රපට, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරන්නෙකු නම් Kickass torrent වෙබ් අඩිවිය පිලිබඳව අනිවාර්යෙන්ම අසා තිබෙනවා ඇති.

2008 වසරේදී නිර්මාණය වූ Kickass ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් වෙබ් අඩවියකි.මෙම වෙබ් අඩවිය ඔස්සේ විවිධ විත්‍රපට/ ටීවි සිරිස් /විවිධ ෆයිල් නීත්‍යානූකුල නොවන ලෙස ඩවුන්ලෝඩ් කරගන්නා ලෝ පුරා අති විශාල පිරිසක් සිටිනවා.