කුඩා දැරියක් මරුට (වීඩියෝ)

කහටගස්දිගිලි ඊතලවැටුනු වැව ප්‍රදේශයේ පහුගිය 19 වැනිදා හවස මවක් සහ ගැහැණු ළමුන් සිව්දෙනෙකු නෙළුම් ඇට අමුවෙන් සහ තම්බලා ආහාරයට ගෙන තියෙනවා.

ඉන් අනතුරුව ඔවුන් වරකා ගෙඩියකුත් ආහාරගෙන තියෙනවා.අනතුරුව නින්දට ගිය ඔවුන් උදෑසන අවධි වූවට පසුව බිස්කට් අනුභව කරලා.ඊට පස්සේ උදරයේ අමාරුවක් ඇතිවෙලා. අනතුරුව එකදිගට වැසිකිලි ගොස් තියෙනවා.

කොට්‌ටේ නිදන මාළුවා!

ලෝකය කොතරම් වෙනස්‌ ස්‌වභාවක්‌ පවතී ද යන්න කදිම ආදර්ශයක්‌ අපට දෙයියන්දර වෙල්පාමුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ. ඉතාම අලංකාරවත් තෙප්පිලි මාළුවා වෙනස්‌ හැසිරීම නිසා මුළු ගමට අලුත්ම ආලෝකයක්‌ එක්‌ කළා වැනි ය. 

දෙයියන්දර වෙල් පාමුල ප්‍රදේශයේ එච්. එන්. ජෝශප් මහතාගේ නිවස ඉදිරියේ ඇති විලේ ජීවත් වන අපූර්ව තෙප්පිලි මාළුවාගේ හැසිරීම කාගේත් සිත් සතන් පුබුදු කිරිමට සමත් වේ. ජෝශප් මහතා තෙප්පිලි තෙප්පිලි කියූ පමණින් මාළුවා ඔහුගේ අතට එන අතර පැයක ආසන්න කාලයක්‌ වතුර නැතිව මේ මාළුවා ජීවත් වීම දැකගත හැකිය. පසුව නිවසට ගෙන ඒමෙන් පසු මේ මාළුවා කොට්‌ටයේ පවා නිදා ගැනීම දැකගත හැකිවේ. 

ව්‍යාජ ගමන් බලපත්‍ර මුද්‍රණ ආයතනයක් වටලයි

කොළඹ අවිස්සාවේල්ල පාරේ කොටිකාවත්ත ප්‍රදේශයේ නිවෙසක තිබී ව්‍යාජ ගමන් බලපත්‍ර 75ට වැඩි ප්‍රමාණයක්, ව්‍යාජ කුවේට් වීසා සහිත ගමන් බලපත්‍රවල කොටස් සහ පුද්ගලයන් රැසකගේ ජාතික හැඳුනුම්පත් තොගයක් සමඟ එම ස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය කියයි.

පාඨලී කෝටි 100ක වන්දියක් ඉල්ලයි

මව්බිම දිනපතා පුවත්පතේ පළ වූ වාර්තා කිහිපයකින් තම කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක එන්තර වාසි යවා තිබෙනවා.

එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට , වාර්තාකාරිණියට , ප්‍රකාශක සමාගමට , ජනතා විමුක්ති පෙරමුණට හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරටයි මෙසේ එන්තර වාසි යවා තිබෙන්නේ.

මහින්දගෙන් නිවේදනයක්

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකඟ වී තිබෙන යුධ අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ එක් කොටසක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්,ජාතියත්,සන්නද්ධ හමුදාවනුත්,පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇතිබව හෙතෙම පවසන්නේ නිවේදනයක් නිකුත්කරමින්ය.