![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2l7jeO4zEy3HPcpFKF9nQsChbYfSWJEvS_P73IOtxedOr3uXqIrbgWl7zGPIsnlO-qJtTqMpnwaSaC2vH7MYA044BdTQ1ZZMGSIWPKENSbXztLmcf1HC1E6y4QK17c94t3lSSe0LoMMw/s200/5-1.jpg)
දෙයියන්දර වෙල් පාමුල ප්‍රදේශයේ එච්. එන්. ජෝශප් මහතාගේ නිවස ඉදිරියේ ඇති විලේ ජීවත් වන අපූර්ව තෙප්පිලි මාළුවාගේ හැසිරීම කාගේත් සිත් සතන් පුබුදු කිරිමට සමත් වේ. ජෝශප් මහතා තෙප්පිලි තෙප්පිලි කියූ පමණින් මාළුවා ඔහුගේ අතට එන අතර පැයක ආසන්න කාලයක් වතුර නැතිව මේ මාළුවා ජීවත් වීම දැකගත හැකිය. පසුව නිවසට ගෙන ඒමෙන් පසු මේ මාළුවා කොට්‌ටයේ පවා නිදා ගැනීම දැකගත හැකිවේ.
කිසිදු කරදරයක් නැතිව ඔහු ඉතාම සන්සුන් ලෙස සිටින ආකාරය දැකගත හැකිය.
දිනෙන් දින බොහෝ දෙනා මේ අපූර්ව සත්වයා නැරඹීමට පුරුදුව සිටින ආකාරය දැකගත හැකි වේ. වතුර යට ජීවත් වුවත් ජෝශප් මහතාගේ හඬ ඇසූ පමණින් ජලයෙන් මතුවී ඔහුව පිළිගන්නා ආකාරයක් දැකගත හැකිය.
මම හිතුවා තවත් සතෙක් සොයා ගෙන මේ විලට දමන්න. නැති නම් මේ සතා පාළුවෙන් නේ ඉන්නේ යෑයි ජෝශප් මහතා කීවේය.