අංකයෙන් ඔබගැන දැන ගන්න

මේ අංකයෙන් යම් පුද්ගලයන් දෙදෙනකු අතර පවතින බැඳීම ,මිත්‍රත්වය,ලෙන්ගතු බව මෙන්ම වෛරය,නොගැලපීම ,අප්‍රිය කිරීම් කියාපායි. ආත්මීය පෙළඹවීමේ අංකය සොයා ගැනීමට අදාළ ජන්මීන් දෙපළගේ සම්පූර්ණ නම වෙන‍ වෙනම ලියා ගත යුතුය.එය නම් දෙකේම ඇති ස්වර අක්ෂර හෙවත් vowels වෙන වෙනම ලියා ගත යුතුය.එම ජන්මීන්ගේ සම්පූර්ණ නමේ ස්වර අක්ෂරවල එකතුව තනි ඉලක්කමක් ලෙස වෙන වෙනම ගත් විට එම ජන්මීන් දෙපළගේ ආත්මීය පෙළඹවීමේ අංකය ලැබේ.

ගැලපීම සොයා බැලී‍මට ගත් ජන්මීන් දෙදෙනාගේ නම්වල ස්වර අක්ෂර එකතු කළ විට ආත්මීය පෙළඹවීමේ අංකය ලැබේ නම් ඔවුන් දෙදෙනාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් සියල්ල සමානය.

යාපනේ සරසවි සිසු සංගම් සභාපතිගේ FBඑකේ ඊලම [Photo]

යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.

“යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.

තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.

මහින්දගේ සෙනසුරු ඒරාෂ්ඨකය අවසන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලපා තිබූ සෙනසුරු ඒරාෂ්ඨකය එන ජනවාරි මාසයේදී අවසන් වීමත් සමඟ විශාල බැබලීමක් ඇති වන බව ජ්‍යෙතිර්වේදී, නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි.



එස්.බී. ගේ මව කලුරිය කරයි

අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මව වන ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මිය (84) අද (19) දහවල් අභාවප්‍රාප්ත වූවාය.

පිරිමි දරුවන් 06 දෙනෙකුගේ හා ගැහැණු දරුවන් 02දෙනෙකුගේ දයාබර මෑණියන් වූ ඇය පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති උ.බ.දිසානායක මහතාගේ දයාබර බිරිඳ වූවාය.

බැසිල් රෝහල් ගතකරයි!

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ අනුමැතිය මත බැසිල් රාජපක්ෂ මෙලෙස රෝහල් ගත කළ බව ද සදහන්.

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රු.මිලියන 33ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ රාජපක්ෂ ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබිණි.