මේ අංකයෙන් යම් පුද්ගලයන් දෙදෙනකු අතර පවතින බැඳීම ,මිත්රත්වය,ලෙන්ගතු බව මෙන්ම වෛරය,නොගැලපීම ,අප්රිය කිරීම් කියාපායි. ආත්මීය පෙළඹවීමේ අංකය සොයා ගැනීමට අදාළ ජන්මීන් දෙපළගේ සම්පූර්ණ නම වෙන වෙනම ලියා ගත යුතුය.එය නම් දෙකේම ඇති ස්වර අක්ෂර හෙවත් vowels වෙන වෙනම ලියා ගත යුතුය.එම ජන්මීන්ගේ සම්පූර්ණ නමේ ස්වර අක්ෂරවල එකතුව තනි ඉලක්කමක් ලෙස වෙන වෙනම ගත් විට එම ජන්මීන් දෙපළගේ ආත්මීය පෙළඹවීමේ අංකය ලැබේ.
ගැලපීම සොයා බැලීමට ගත් ජන්මීන් දෙදෙනාගේ නම්වල ස්වර අක්ෂර එකතු කළ විට ආත්මීය පෙළඹවීමේ අංකය ලැබේ නම් ඔවුන් දෙදෙනාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් සියල්ල සමානය.



