මහින්දගේ සෙනසුරු ඒරාෂ්ඨකය අවසන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලපා තිබූ සෙනසුරු ඒරාෂ්ඨකය එන ජනවාරි මාසයේදී අවසන් වීමත් සමඟ විශාල බැබලීමක් ඇති වන බව ජ්‍යෙතිර්වේදී, නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි.



එස්.බී. ගේ මව කලුරිය කරයි

අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මව වන ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මිය (84) අද (19) දහවල් අභාවප්‍රාප්ත වූවාය.

පිරිමි දරුවන් 06 දෙනෙකුගේ හා ගැහැණු දරුවන් 02දෙනෙකුගේ දයාබර මෑණියන් වූ ඇය පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති උ.බ.දිසානායක මහතාගේ දයාබර බිරිඳ වූවාය.

බැසිල් රෝහල් ගතකරයි!

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ අනුමැතිය මත බැසිල් රාජපක්ෂ මෙලෙස රෝහල් ගත කළ බව ද සදහන්.

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රු.මිලියන 33ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ රාජපක්ෂ ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබිණි.

ආණ්ඩුවට ජනසටන් භීතිකාව

ජූලි 28 වන දින වනවිට ඒකාබද්ධ විපක්ෂයේ හත් දෙනෙකු රිමාන්ඩ් කිරීමට සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

තමා රිමාන්ඩ් ගත කරන දෙවෙනි නිවාඩුවටද මේවන විට කටයුතු යොදමින් සිටින බව ගම්මන්පිල මහතා කියා සිටියේ අද(19)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඇසළ පෝයට බස් ගාස්තු දන්සැලක්

අද(ජූලි 19) යෙදී තිබෙන ඇසළ පොහොය නිමිත්තෙන් මාර්ග අංක 285 පුද්ගලික බස් රථ නොමිල සේවාවක් අරඹා තිබෙනවා.ඒ අනුව එම බස් රථවල ගමන් ගන්නා සියලූම මගීන්ට උදේ 5.30 සිට සවස 7 දක්වා ගමන් කිරීමේදී බස් ගාස්තු අය නොකර නොමිලේ රැගෙන යාම සිදු කරනු ලැබේ.

මේ ආකාරයට ඇතැම් බස් රථ පොහොය දිනයට දන්සැල් සේවා ක‍්‍රියාත්මක කිරීම විවිධ අවස්ථාවල දක්නට ලැබුණත් සාමූහිකව තනි මාර්ග අංකයක සියලූම බස් රථ මේ ආකාරයට කටයුතු කිරීම විරල දසුනක් වී තිබේ.