පොලිසිය දැන් වැඩ කරන්නේ මහජන අවශ්‍යතාව අනුව විතරයි. අරයාගේ මෙයාගේ මේ පැත්තෙන් පිටිපස්ස එන බලපෑම් පොලිසියට දැන් නැහැ. යහපාලනය ශක්තිමත් කිරීම පොලිස්පතිවරයාගේ යුතුකමක් සහ වගකීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
මහා පරිමාණයෙන් දූෂණවල යෙදුණු සිහිනෙකින්වත් නොසිතූ ඇතැම් පුද්ගලයන් රටේ පවත්නා නීතියට අනුව ඉදිරි දිනවලදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බවද පොලිස්පතිවරයා පැවැසීය.




