මිස්බා ගෙන් ශතකයක් සමග ඩිප්ස් 10ක්

එංගලන්තය හා පාකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී පාකිස්ථාන නායක මිස්බා උල් හක් අගනා ශතකයක් වාර්ථා කළා. මෙය වාර්ථා පොතට එක් වූ ශතකයක්. වයස්ගතම ක්‍රීඩකයකු ලබාගත් ශතක අතරට මේ ශතකය එක් වෙනවා.

තම ශතකය ලබාගැනිමෙන් පසු මිස්බා සතුට සැමරුවේ අපුරු ක්‍රමයකට. ඔහු ශතකය ලැබිමෙන් පසු තණතීරුව මත ඩිප්ස් 10ක් ගසමින් තම සතුට ප්‍රකාශ කළා.

අරණායකින් දුක හිතෙන කතාවක් !

අරණායක ප්‍රදේශයට දින සති ගණන් ඇද හැලුණු අනෝරා වැසි හේතුවෙන් තෙත බරිත වූ මහ පොළව නාය ගොස්‌ කාන්ති ඇයගේ සැමියා හා දරු දෙදෙනා සමග අසරණ කළේ සියල්ල අහිමි කරමිනි.

අම්බලකන්ද සිට දිප්පිටියේ රජය මගින් පවත්වාගෙන යනු ලබන අවතැන් කඳවුරක්‌ වෙත පැමිණි ඔවුන් රජයෙන්ද ජනතාව ගෙන්ද ලද සහයෝගය මත ජීවත් වුණ ගැබිණි මවක්‌වූ කාන්ති මෙලොව එළිය දැකීමට සිටින දරුවාගෙත් යහපත වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහතා උපදෙස්‌ දුන්නේ කාන්ති ඥති ගෙදරක නවාතැන් ගැනීම වඩාත් හොඳ බවයි. කාන්ති ඥති ගෙදරක ටික දිනක්‌ ගතකරන විට ඇයට තේරුම් ගියා අතමිට කාසි පනම් ඇතිදා ඇති නෑයෝ අතමිට කාසිපනම් නැතිදා නැතිබව. ඥති නිවසට ආයුබෝවන් කියා ඇය නැවත කඳවුරට ආවේ කුටුම්භය සමග වාසය කිරීමේ අදහසිනි.

මඩ ප්‍රහාර වලට අධිකරණ ක්‍රියාමාර්ග

විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුව ඇති ටෙන්ඩර් ක්‍රියාවලීය හා වෙනත් සිදුවීම් පදනම් කරගනිමින් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන මහින්ද රාජපක්ෂ කල්ලියේ වාසුදේව නානායක්කාර මහතා ඇතුළු සියලු අවතාර හා එම මඩ ප්‍රහාර වලට සහාය දක්වන මාධ්‍ය ආයතන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ කල්ලියේ අවතාර ලෙස පෙනී සිටින වාසුදේව නානායක්කාර වැන්නන්, මෙම ගල් අගුරු සිද්ධියට තමන් වගකිව යුතු බවට වීරයින් ලෙස සඳහන් කළද එම රජය එවකට සිදුකළ ගල් අඟුරු වංචාවන් පිළිබඳ එදා නිහඩව සිටි බව ද ඇමැතිවරයා පැවැසීය.

රට යන්න දුමින්ද කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතන නඩුවේ 11 වන විත්තිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අවසර ලබා දෙන මෙන් කළ ඉල්ලීම නඩුව විභාගයට ගන්නා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (14) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට යෑමට අවශ්‍ය බවට ඉල්ලීම් කර තිබුණ ද ඒ සඳහා අවශ්‍ය අධිකරණය සෑහීමට පත්විය යුතු කරුණු ඉදිරිපත් කර නොමැති බව ප්‍රකාශ කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

රාජ්‍ය ආදායම ඉහළ ගිහින් !

වසර 1990 සිට වසර 2014 දක්වා වසර 24ක් තිස්සේ ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබූ රජයේ ආදායම් ලැබීම් ගත වූ වසර එකහමාර තුළ වැඩි වන්නට පටන්ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

වසර 1990දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19ක් වූ ශ්‍රී ලංකාවේ බදු ආදායම වසර 2014 වන විට සියයට 10.2 දක්වා ශීඝ්‍ර ලෙස පහත වැටී තිබූ බව කී මුදල් ලේකම්වරයා එය මේ වන විට සියයට 14 දක්වා වැඩිවී ඇතැයි ද කීය.