විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුව ඇති ටෙන්ඩර් ක්‍රියාවලීය හා වෙනත් සිදුවීම් පදනම් කරගනිමින් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන මහින්ද රාජපක්ෂ කල්ලියේ වාසුදේව නානායක්කාර මහතා ඇතුළු සියලු අවතාර හා එම මඩ ප්‍රහාර වලට සහාය දක්වන මාධ්‍ය ආයතන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ කල්ලියේ අවතාර ලෙස පෙනී සිටින වාසුදේව නානායක්කාර වැන්නන්, මෙම ගල් අගුරු සිද්ධියට තමන් වගකිව යුතු බවට වීරයින් ලෙස සඳහන් කළද එම රජය එවකට සිදුකළ ගල් අඟුරු වංචාවන් පිළිබඳ එදා නිහඩව සිටි බව ද ඇමැතිවරයා පැවැසීය.




