එංගලන්තය හා පාකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී පාකිස්ථාන නායක මිස්බා උල් හක් අගනා ශතකයක් වාර්ථා කළා. මෙය වාර්ථා පොතට එක් වූ ශතකයක්. වයස්ගතම ක්රීඩකයකු ලබාගත් ශතක අතරට මේ ශතකය එක් වෙනවා.
තම ශතකය ලබාගැනිමෙන් පසු මිස්බා සතුට සැමරුවේ අපුරු ක්රමයකට. ඔහු ශතකය ලැබිමෙන් පසු තණතීරුව මත ඩිප්ස් 10ක් ගසමින් තම සතුට ප්රකාශ කළා.




