"නාවල අන්නාසි" ගීතයේ අලුත්ම Version එක

ශ්‍රී ලාංකීය දේශපාලන වේදිකාව කවදත් දිනෙන් දින උණුසුම්වන ක්ෂේත්‍රයක්.

මෙරට දේශපාලනඥයින් අතුරින් ඇතැම් චරිත විශේෂ ලෙස ඉස්මතුවන්නේ ඇතැම් විට අහඹු සිදුවීම් හරහා.

ජනප්‍රියත්වය කෙසේ වෙතත් මෙම දේශපාලන චරිත අතිශයින් ප්‍රසිද්ධියට ලක් වන්නේ ඇතැම් විට එක රැයකින්.

කෙල්ලක් බෙදා ගන්න මැරෙන්න හදලා

උපකාරක පන්තියක් සඳහා අනුරාධපුර නගරයට පැමිණි පාසල් වයසේ පසුවන තරුණයන් දෙදෙනකු අතර පෙම්වතියක් බෙදා ගැනීමට නොහැකිව ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් කඩදාසි කැපීමට යොදාගන්නා පේපර් කටරයකින් කපා ගැනීම හේතුවෙන් ගෙලට බරපතළ තුවාල සිදුවී අතකට සුළු තුවාල සිදුවූ තරුණයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවැසුවේය.

ඊයේ (12දා) දහවල් දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුමෙන් එක් සිසුවකු එල්ල කළ තියුණු පේපර් කටර් ප්‍රහාරයෙන් ගෙලට බරපතළ තුවාල සිදුවී ඇති අතර එම කටරයම උදුරාගෙන අනෙක් සිසුවා ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඔහුගේ අතකටද තුවාල සිදුවී ඇති බව පොලිසිය පැවැසීය.

මුසම්මිල්ට ඇප නෑ

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඒ අනුව මුසම්මිල් මහතා ලබන 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොදු දේපළ පනත යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා ඉකුත් ජූනි මස 20 වන දින අත්අඩංගුවට ගැනුණි.

නාමල් අත්අඩංගුවට ගැනීමේ B වාර්තාව

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක (වර්තමානයේ හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල ඇති ස්ථානය) ඇමරිකානු ඩොලර් මිලියන 650ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳව එල්ල වූ චෝදනාවකටය.

මේ ගණුදෙණුවට දේශපාලනඥයින් තිදෙනෙකු ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් පැටලී තිබේ.

නාමල්ට නිවසින් කෑම ගෙන ඒමට අවසර

රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ ආහාර ලබා ගැනීම වෙනුවට නිවසින් ආහාර ගෙන ඒමට බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඊයේ (12) ඉල්ලීමක් කර තිබේ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ විශේෂ ආරක්ෂාවක් සහිතව නාමල් රාජපක්ෂ මහතා රඳවා ඇති බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව ඊයේ (12) සිට ඒ මහතාට නිවසින් ආහාර ගෙනවිත් අනුභව කිරීමට අවස්ථාව ලබා දී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
චාමර අමරසූරිය