මාධ්‍යයට තවත් රතු එළියක්

- A Red Light For Media
මාධ්‍යයන්හි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මේ බව සඳහන් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘මූලාශ‍්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික අචාරධර්මය බිද දමමින් හා කිසිදු වග විභාගයකින් තොරව ප‍්‍රවෘත්ති පළ කිරීම මගින් සමාජයේ දුර්මතයක් පතුරුවන්නට ඇතැම් ජනමාධ්‍ය විසින් දරන උත්සාහයන් කිහිපයක්ම පසුගියදා දක්නට ලැබිණි.

බස් ගාස්තුව 6% කින් ඉහළට

ලබන අගොස්තු 1 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පවතින බස් ගාස්තු සියයට 6 කින් ඉහළ යනු ඇති බව රජය අද දැනුම් දුන්නා.

මෙම ඉහළ දැමීම සිදු කර ඇත්තේ වාර්ෂික ගාස්තු වැඩි කිරීමේ අනුපාතයද ඉක්මවමිනි.

පසුගිය කාලයේ ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ නිසා රජය යෝජනා කළ සියයට 3.2 ඉහළ දැමීම කළ නොහැකි බවත් සියයට 6 ක් අවශ්‍ය බවත්  නැතිනම් දීපව්‍යාප්ත වර්ජනයකට යන බවත් බස් සංගම් දන්වා සිටි නිසා රජයට එයට එකඟ වන්නට සිදුවූ බව වාර්තා වුණා. නව ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව රුපියල් 8 අවම ගාස්තුව 9 දක්වා ඉහළ යනු ඇති අතර අනෙක් ගාස්තු වැඩිවීම් තව ටික දිනකින් ප‍්‍රකාශයට පත් කරනු ඇත.

ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවතට

අද(12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂකයින් වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා රජය මගින් හමුදා ආරක්ෂක භටයින් 50 දෙනෙකු යොදවා තිබුණි.

ඉන් 25 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 25 දෙනෙකු අනුයුක්ත කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී ය.

ඉෂිතා යුගදිවියට (Photos)

ඉන්දීය පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන දිව්යංකා ට්‍රිපාති හා විවේක් දහියා පසුගිය සිකුරාදා දින විවාහප්‍රාප්ත විය.

‘මේ ආදරයයි’ මෙගා ටෙලිනාට්‍යයේ ඉෂිතා ගේ චරිතය රඟපාන දිව්යංකා හට විවේක් ව හමුව තිබුනේ ද මෙම ටෙලිනාට්‍යයේ දර්ශන තල වලයි.

විවේක් එම ටෙලිනාට්‍යයේ පණපොවන්නේ අභිෂේක් සිං නැමැති පොලිස් නිලධාරියා ගේ චරිතයටයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ලංකාවට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල වසර 5කට පසුව ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග සංචාරයක් උදෙසා ඊයේ මෙරටට පැමිණියේය. ඔස්ට්‍රේලියානු පිලේ මුල්ම පුහුණු තුන්දින තරගය මේ 18වැනිදා පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පැවැත්වේ.

සංචාරයේ පළමු ටෙස්ට් තරගය ජූලි 26 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියෙන් ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 4වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හා තෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 13වැනිදා කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. එක්දින තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම අගෝස්තු 21 සහ 24 දිනවල කොළඹ ආර්. ෙප්‍ර්මදාස ක්‍රීඩාංගණයේදී දිවා - රාත්‍රී ලෙස පැවැත්වෙන අතර, 3 වැනි සහ 4 වැනි එක්දින තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අගෝස්තු 28 සහ 31 දිනවල පැවැත්වේ. අවසන් එක්දින තරගය සැප්තැම්බර් 4 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දින නියම කොට තිබේ. විස්සයි 20 තරග දෙක සැප්තැම්බර් 6 දා පල්ලේකැලේදී හා සැප්තැම්බර් 9දා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.