ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවතට

අද(12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂකයින් වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා රජය මගින් හමුදා ආරක්ෂක භටයින් 50 දෙනෙකු යොදවා තිබුණි.

ඉන් 25 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 25 දෙනෙකු අනුයුක්ත කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී ය.